නොවැම්බර් ව්‍යාපාරය ගැන

Posted: July 15, 2010 in Uncategorized
Tags:

විමුක්ති ජයසුන්දර ගේ සුලග එනු පිණිස චිත‍්‍රපටය ලංකාවේ තිරගතවීමත් සමග එයට එරෙහිව විවිධ මට්ටම් වලින් බලපෑම් එල්ලවුණු අයුරු ඔබට මතක ඇති. මෙම තත්ත්වය පිළිබඳව එවකට සංස්කෘතික කේෂ්ත‍්‍රය තුළ ක‍්‍රියාත්මක වූ ස්වාධීන සංස්කෘතික කි‍්‍රයාකාරීකයන් සහ කණ්ඩායම් කිහිපයකට අයත් වු මිතුරන් පිරිසක් අතර වු අවිධිමත් හමුවීම් තුළ කතා බස් වෙමින් පැවතිණි. මෙම කතා බස් වල ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරණය පසුබිමෙහි 2005 ඔක්තෝබර් මාසයේ දී කොළඹ සමාජීය හා සාමයීක කේන්ද්‍රයෙහි දී හමුවක් සංවිධානය කෙරිණ. මේ සදහා මාධ්‍යවේදීන්, කලාකරුවන් මෙන්ම විවිධ සමාජ ක‍්‍රියාකාරීකයන්ද සහභාගී විය. මෙම හමුවේදී සාකච්ඡ වුණු විවිධ කරුණු අතර  සුලග එනු පණිස චිත‍්‍රපටියට සහ එහි අධ්‍යක්ෂකවරයාට එරෙහිව එල්ල වෙමින් පැවති අයහපත් බලපෑම් පිළිබදවත්, විවිධ වෙනස්කම් පිළිගනිමින් විවිධ තලයන් තුළ ක‍්‍රියාත්මක වෙමින් සිටින සමාජ ක‍්‍රියාකාරිකයන් මුණගැසී කතා බස් කරන ස්ථානයක් වශයෙන් මෙම හමුව වර්ධනය කරගත නොහැකිද යන්නත් ප‍්‍රධාන වශයෙන් මතුවිය.
ජනාධිපතිවරණයේ උණුසුම වර්ධනය වීමට සමාන්තරව දකුණේ විසූ බහුතරයක් කලාකරුවන් සහ බුද්ධිමතුන් ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ වේදිකා මතට ගොඩවීමේ තරගයක නිරතවන්නට විය. මෙම දේශපාලන වර්ධනයන් තුළ අතෘප්තියට සහ කලකිරීමට පත්ව සිටි ප‍්‍රගතිශීලී කලාකරුවන් සහ බුද්ධිමතුන් පිරිස් ඉහත සදහන් සංස්කෘතික ක‍්‍රියාකාරිකයන්ගේ මැදිහත් වීම යටතේ කෙරුණු පුඵල් කැඳවීමක් මගින් 2005 නොවැම්බර් මාසයේ දිනක කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මුනගැසිණ. මේ හරහා සාධාරණත්වය, යුක්තිය, සමානාත්මතාවය හා සාමය මූලික තේමාවන් කරගත් ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවෙන එ සදහා සිංහල ජනසමාජයේ සංස්කෘතික, අධ්‍යාත්මික පරිවර්ථනයක අවශ්‍යතාවය ගැන අවධාරණය කරමින් එ වෙනුවෙන් මූලිකව වෙහෙසෙන සිංහල කලාකරුවන්, මාධ්‍යකරුවන්, ශාස්ත‍්‍රඥයින් සහ සමාජ ක‍්‍රියාධරයන් පිරිසක් එකට ගොනුවීම සිදුවිය. අවසානයේ දී මෙම එකතුව නොවැම්බර් ව්‍යාපාරය වශයෙන් නම් කෙරිණි.
මෙහිදී ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ විසින් ඉදිරිපත් කෙරුණු නව ලිබරල්වාදී ගෝලීයකරණයට මුඵමනින්ම පාක්ෂික වූ  ප‍්‍රතිපත්තීන්ට සහ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කෙරුණු උත්තමවාදී ප‍්‍රතිපත්තීන් යන දෙකටම එරෙහිව, නව ලිබරල්වාදී ගෝලීයකරණයටත් යුද්ධයටත් එරෙහි සාමූහික ප‍්‍රකාශනයක් එලිදැක්විණ. මෙම ප‍්‍රකාශනය තුළ, මාධ්‍ය සහ කලාවේ නිදහස ද ප‍්‍රධාන වශයෙන් ඉස්මතු කෙරිණි.
2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව අප නව සංස්කෘතික සහ චින්තන ව්‍යාපාරයක් වශයෙන් සංස්කෘතික කේෂ්ත‍්‍රය තුළ විවිධ ආකාරයෙන් ක‍්‍රියාත්මක විය. නොවැම්බර් ව්‍යාපාරය අක්ෂරය චිත‍්‍රපටයේ වාරණයට එරෙහිව ගොඩනැගුණු ව්‍යාපාරයේ ප‍්‍රධාන කොටස් කරුවෙකු විය. එමෙන්ම 2006 වසරේදී සුලග එනු පිණිස චිත‍්‍රපටය පිළිබදව පැවති සංවාද හා විචාර ලිපි එකතුවක් ලෙස ‘‘කවුඵ දොර හරින්න සුළඟ එනු පිණිස’’ කෘතිය එළි දැක්වීය.
අපේ කෙටි ඉතිහාසය තුළ වූ  අත්දැකීම් වලට සාපේක්ෂව අපි සංවිධානය වීම පිළිබ`දව දරණ අදහසත් කෙටියෙන් හෝ මෙහි සටහන් කිරීම වැදගත් යැයි සිතන්නෙ අනාගතයේ දී අවම වශයෙන් සිංහල බ්ලොග් අවකාශය තුළ හෝ ප‍්‍රගතිශීලී මැදිහත්වීම් අතර පොදු සවිඥනිකත්වයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙනුයි.
දශක ගණනාවක් පුරාම සංවිධානය වීම පිළිබදව විවිධ ආකාරයෙන්, විවිධ මුහුණුවරයන්ගෙන් සාකාච්ඡවන්, සංවාදයන් සිදුවී තිබෙනව. ඒ වගේම ලංකාවේ වාමාංශීක කොටස්, විවිධ සාමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස්, සංස්කෘතික කි‍්‍රයාකාරීකයන් සහ කලාකරුවනුත් විවිධ ආකාරයෙන් සංවිධාන ගතවී ද තිබේ. නමුත් මෙම බොහෝමයක් සංවිධානගතවීම් අද වෙද්දි බිද වැටි හෝ බෙලහීන තත්වයට පත්වී තිබෙනවා. එහෙමත් නැත්නම් මුහුදේ තැන් තැන් වල තනිවෙච්ච කුඩා ¥පත් විදියට එකිනෙකට සම්බන්ධයක් නැතිව හුදකලාව පවතිනවා. මෙම සංවිධාන ගතවීම් පසුකාලීනව ලංකාවේ මහජනයා සමග ඓන්ද්‍රිය සම්බන්ධයක් හරහා සමාජමය වෙනසකට මුලපුරනවා වෙනුවට පොදු ජනයාගෙන් ව්‍යුක්ත හුදකලා කණ්ඩායම්, පක්ෂ, ආයතන හෝ කුඩා ඒකක බවට පත්විම පිළිබදව අපට නැවත නැවතත් කල්පනා කිරීමට බලකෙරිලා තිබෙනව. මේ ¥පත් ගත වීම් සදහා බලපෑ සාධක නිරීක්ෂණය කෙරුවොත් ඒ අතර කල්ලිවාදය, කණ්ඩායම් න්‍යායපත‍්‍රයන් දින වීමට යෑම, පක්ෂ න්‍යායපත‍්‍රයන් දින වීමට යෑම, පුද්ගල න්‍යායපත‍්‍රයන් දින වීමට යෑම සහ විවිධ මතවාදයන් මත ආගමික සහ ගතානුගතික අර්ථයකින් පදනම්වීම වැනි සාධක ප‍්‍රධාන වශයෙන් හදුනාගන්න පුඵවන්.
ඉතින් අපට මෙවැනි අකෘතිගතවීම්, ¥පත්ගතවීම්, ආයතනගතවීම් වලින් සහ ගතානුගතිකත්වයන්ගෙන් මිදුනු විකල්ප සාමුහික ගතවීමක්, සංවිධාන ගතවිමක් පිළිබදව සිතිය නොහැකිද?
අපට විකල්ප ප‍්‍රජාවක් එහෙමත් නැත්නම් විකල්ප සංස්කෘතික ප‍්‍රජාවක් විදියට සිතීමට හා වැඩකිරීමට නොහැකිද?
රාජ්‍යය බලය අරමුණු කරගත් දේශපාලන ව්‍යාපාරයන්ගේ සහ අරගලයන්ගේ පසුබැසිම් සහ පරාජයන්ට විකල්පයක් වශයෙන් අපට බල දේශපාලනය වෙනුවට සාමූහික ප‍්‍රජාමය සවිඥාණිකත්වයක් වර්ධනය කරගත නොහැකිද?
අපි එකිනෙකාගේ සමාජ, සංස්කෘතික හා දේශපාලන රාගය උත්තේජනය වන්නේ විවිධ ආකාරයන්ගෙන්. එම උත්තේජනය වීම ප‍්‍රකාශයට පත්වන්නෙත් විවිධ ආකාරයන්ගෙන්. මෙම උත්තේජනයන් සමාජමය මැදිහත්වීමක් බවට පත්වන්නෙ සමහර විට කවියක්, ගීතයක්, කෙටිකථාවක්, නාට්‍යයක්, කෙටි චිත‍්‍රපටයක් හරහා වෙන්න පුලූවන්. එහෙමත් නැත්නම් පුවත්පතක ලිපියක්, බ්ලොග් පිටුවක් හෝ වෙනත් සමාජ ක‍්‍රියාකාරීත්වයක් හරහා වෙන්නත් පුලූවන්. ඉතින් අපි එකිනෙකා තනි තනිව හෝ කණ්ඩායම්, කව වශයෙන් වෙන් වෙන්ව සිදුකරමින් සිටින මෙම සමාජමය මැදිහත්වීම් අතර කිසියම් සාමූහික පොදුභාවයක් ඇතිකරගත නොහැකිද? මෙවැනි පොදු සවිඥානිකත්වයක් අපට වර්ධනය කරගත නොහැකිද? මෙවැනි පොදු සවිඥානිකත්වයක් වර්ධනය කරගැනීම මගින් එකිනෙකාගේ සමාජීය මැදිහත් වීම් අතර සහජීවනයක් වර්ධනය කරගත නොහැකිද? මෙම පොදු සවිඥානිකත්වය තුළ ගොඩනැගෙන සහජීවනය තුළ අපට විකල්ප ප‍්‍රජාවක් බවට පත්විය නොහැකිද? මෙම ප‍්‍රජාවේ පොදු සවිඥානිකත්වය ප‍්‍රසාරණය වීම යනු වඩා යහපත් සමාජයක් සඳහා වන අපගේ සිහිනය සඵල කරගැනීමක් නොවන්නේ ද?
බල දේශපාලනයෙන් ඔබ්බට ගිය පුද්ගල නිදහස, නිර්මාණාත්මක භාවය සහ ස්වාධීනත්වය සංලක්ෂණය කරගත් අප දකින සමාජ සංවිධානගතවීම මෙවැන්නකි.
ඉතින් අපි හිතුවා අපි දකින ඒ සිහිනය වෙනුවෙන් වූ කිසියම් දායකත්වයක් වශයෙන් නොවැම්බර් ව්‍යාපාරයේ සිංහල බ්ලොග් අඩවියක් හරහා ඔබ අතරට පැමිණෙන්න. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නෙ සංස්කෘතික තලයේ විවිධ සමාජ මැදිහත්වීම් අතර කිසියම් සම්බන්ධීකරණයක් ඇතිකිරීම මගින් පොදු සවිඥානිකත්වයක් වර්ධනය කරගැනීම සඳහා දායක වීමට උත්සහ කිරීමයි.

Advertisements
Comments
  1. Mr WordPress says:

    Hi, this is a comment.
    To delete a comment, just log in, and view the posts’ comments, there you will have the option to edit or delete them.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s