එච්.ඒ

Posted: July 17, 2010 in කලාව

මුල් වරට එච්. එ් පෙරේරාව හමුවූයේ වසර හය හතකට පෙර පුවත් පතක් සඳහා සම්මුඛ සාකච්ජාවක් ලබාගැනීම ට ගිය අවස්ථාවකදීය. එ් මෝදර අලූත් මාවතේ 737 වත්තේ ඔහුගේ සොහොයුරියගේ නිවසෙහි දීය. එච්.එ් ගේ පදිංචිය එහි විය. මෝදර 737 වත්තේ ඔහු සමග ජීවත්වූ පීඩිත මිනිසුන්ගේ ජීවිත මගින් ඔහු අත්දුටු අත්දැකීම් වලින්ද ඔහු පෝෂණය වන්නට ඇත. ඔහුගේ වාම වාදී අදහස් කෙරෙහිද මෙම අත්දැකීම් බලපාන්නට ඇත. අප දන්නා තරමින් අසු ගණන් වල සිටම එච්. එ්. පෙරේරා ඔහු  සේවය කල ලංකා ටෙලිකොම් ආයතනයෙහි වූ වෘත්තීය සමීතියෙහි සිටි වාමාංශික මතයක් සහිත වෘත්තීය සමිති සාමාජිකයෙකු විය.
එච්. එ් ගේ මෙම සමාජ දේශපාලන පසුබිම විසින්  විකල්ප දේශපාලන මතයක් සහිත ස්වාධීන කාලාකරුවෙකු වශයෙන් පැවතීම ට අවශ්‍ය ධෛර්්‍ය ඔහුට සැපයෙන්නට ඇත. ඔහු ගේ ජීවිත කාලය තුළ දී පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔහුගේ කලා භාවිතය පවාදීමක් අපට සොයාගත නොහැක. මෙවැනි සමයක ස්වාධීන කලා කරුවෙකු වශයෙන් පැවතීමට අවශ්‍ය වු පන්නරය සහිත අතලොස්සක් කලාකරුවන් අතරින් එච්. එ් ද කෙනෙකු විය.
2005 ජනාධිපතිවරණ සමයේ බහුතරයක් කලාකරුවන් ප‍්‍රධාන පාක්ෂිකයන් දෙදෙනාගේ වේදිකාවන්ට ගොඩවීමට පොරකද්දී එච්. එ් සිටියේ ප‍්‍රධාන පාක්ශික කඳවුරු දෙකටම ප‍්‍රතිවිරුද්ධ ස්වාධීන කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ පිලෙහිය.
2005 ජනාධිපතිවරණයත් සමග නොවැම්බර් ව්‍යාපාරය ගොඩනැගුණේ සිංහල ස්වෝත්තම වාදී අපේක්ෂාවන් නියෝජනය කළ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ත් ගෝලීයකරණ නව ලිබරල් වාදී අපේක්ෂාවන් නියෝජනය කළ ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ ත් යන ප‍්‍රධාන පාක්ෂිකයන් දෙදෙනාගේම ප‍්‍රතිපත්ති සහ අපේක්ෂාවන්ට එරෙහිව යුද්ධයට සහ ගෝලීයකරණයට එරෙහි කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ ව්‍යාපාරයක් වශයෙනි. මේ සඳහා කැඳවුනු මුල් සාකච්ජා වාරයේ සිටම එච්. එ් ගේ දායකත්වය අපට දැකගත හැකිවිය. 2005 නොවැම්බර් මස මරදානේ සමාජ හා සාමයීක කේන්ද්‍රය තුළට රොක්වූ කලාකරුවන්, ක‍්‍රියාකාරී බුද්ධිමතුන්, ලේඛකයන් සහ සමාජ ක‍්‍රියාකාරිකයන් අතර සිටි එච්, එ් ගේ සිහින් උස් සිරුරත්, තියුණු උස් කටහඩත් අපේ මතකය තුළ තවම රැුදී ඇත. 2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් ව්‍යාපාරය විසින් 2006 ජනවාරි මස සංවිධානය කල සමු`ඵවේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳව ත‍්‍රිකෝණී සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සාකච්ජා වාරය සඳහා ද පැමිණ සිටි එච්. එ් ගේ  දිගැටි රූපය අප මතකයේ සදහටම සටහන් වී ඇත. 2006 ජනවාරි 29 වන දින ප‍්‍රගතිශීලී කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ, ලේඛකයන්ගේ සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයෙහි පැවති නොවැම්බර් ව්‍යාපාරයේ ජාතික සමු`ඵව තුළ සමු`ඵවේ සමාජ දේශපාලන හරය පැහැදිලි කරමින් පිලිගැණිමේ කතාව කළ එ් මිනිසාගේ රූපයත් හඩත් අපේ මතකයේ සහ දෙසවනෙහි සදහටම නිදන්ව ඇත.
පරාක‍්‍රම නිරිඇල්ලගේ සංකල්පයක් අනූව ගොඩනැගුණු ජනකරලිය ජංගම රඟහල හරහා ලංකාව තුළ බ්ම්මට්ටමින් ගොඩනැගුණු නව නාට්‍ය කලා භාවිතය සඳහාද පුරෝගාමී දායකත්වයක් එච්. එ් විසින් සපයන ලදී. එච්. එ් පෙරේරා සහ පරාක‍්‍රම නිරිඇල්ල යන දෙදෙනාම හැත්තෑව දශකයේ හත්තෙට්ටුවගම කලාකරුවාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ මුල්කාලීන සාමාජිකයන් විය. ජනකරලිය හරහා ලංකාව පුරා ගොඩනැගුණු නව නාට්‍යය සම්ප‍්‍රධාය සඳහා මොවුන්ගේ වූ මෙම වීදිනාට්‍ය භාවිතය විශාල පන්නරයක් ගෙන දී ඇති බව ඉතා පැහැදිළිය. එමෙන්ම මොවුන් විසින් ගොඩනගන ලද මෙම නව නාට්‍ය සම්ප‍්‍රධාය සඳහා නාට්‍ය කලාව සම්බන්දයෙන් එච්. එ් සතුව පැවති පැතිරුණු දැනුමද පිටුබලයක් සපයා ඇති බවද පැහැදිළිය.
ලංකාවේ වීදි නාට්‍ය කලාව ට, වේදිකා නාට්‍ය කලාව ට සහ රංගනයට ද විශාල දායකත්වයක කළ තවත් එක් සහෘද කලාකරුවෙකු අප අතරින් වෙන්වී ගොසිණි.
විකල්ප දේශපාලන දැක්මක් සහිත අතලොස්සක් වූ ස්වාධීන කලා කරුවන් අතරින් කෙනෙකු වූ එච්. එ් අප අතරින්  මේ වන විට වෙන්වී ගොසිනි.
මෝදර 737 වත්තේ ළමුන්ට, ගැහැනුන්ට සහ මිනිසුන්ට ඔවුන් යනෙන විට නිතර හමුවූ කතා බස් කළ මේ උස් මිනිසාගේ සජීවී දසුන නැවත මුණ නොගැසෙණු ඇත.
මෝදර වෙරළෙහි රළ කාන්සාවෙන් ක`දු`ඵ පෙනපිඩු නගමින් වෙරළේ වැලි සූූරාගෙන ම මුහු`දට ඇදී යයි. මෝදර අහස නිහ`ඩ ශෝකාකූල කමකින් මුහුදට හිසඔබා ගැනීමට තතනයි. වැල්ලට බරවී සිටින ඔරුවක වසාසිටින කපුටෙකු කෙදිරිලි හඩක් නගමින් ශෝකී අහස දෙසට පියා සළයි.
කඩි මුඩියේ කොළඹ වීදි පුරා දිව යන අප කොළඹ අලූත් මාවත අසලින් යනෙන මොහොතක 737 වත්ත දෙසට නිරායාසයෙන්ම නෙත් යොමු වෙණුු ඇත. එ් කිසිදිනෙක නොමැකෙන ඔබ පිළිබඳ වූ මතකය වෙනුවෙනි…

නොවැම්බර් ව්‍යාපාරය වෙනුවෙන්
නෙවිල් උදිත වීරසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s