බදුල්ලේ පැවති ජනකරලියේ අත්දැකිම

Posted: July 17, 2010 in ක‍්‍රියාකාරකම්

…අපි මේ ලැහැස්ති වෙන්නෙ තුන්වෙනි ෂෝ එකට. මේ විදියට අදත් හතරවෙනි ෂෝ එකක් කරන්න වෙනවා. කට්ටියටම හොද ගනන්. ඒත් බලන අයගෙන් එන ප‍්‍රතිචාරයත් එක්ක ඇගට එන අමාරුව අමතක වෙලා යනවා….”
ඒ වන විටත් බදුල්ල… විදුහල් භූමියෙහි වූ ක‍්‍රීඩාංගනයෙහි තනා තිබූ ජනකරලිය ජංගම වේදිකාව පේ‍්‍රක්ෂක ජනයාගෙන් පිරීගොස් තිබිණි. ජනකරලිය නාට්‍ය කණ්ඩායමේ මිතුරන් තෙවන දර්ශන වාරය සඳහා කඩිමුඩියේ ලක ලැහැස්ති වන අතරම අප සමග මිතුරු සල්ලාපයේ යෙදීමටද අමතක නොකළේය.
‘චරන්දාස්’ නාට්‍ය පටන්ගන්නා තුරු නොඉවසිල්ලෙන්  බලාසිටින පිරීගිය පේ‍්‍රක්ෂකාගාරය අතරින් අපටද අපහසුවෙන් උවද පොඩි ඉඩක් පාදාගත හැකි විය. ඒ වන විටත් ඊලග දර්ශන වාරය සඳහා රගහල ප‍්‍රවේශ දොරටුව අසල ජනයා පෙළ ගැසෙමින් සිටියේය.
ජනකරලිය කණ්ඩායමට අනූව ජනකරලිය ඉතිහාසයේ වැඩිම පේ‍්‍රක්ෂක සහභාගීත්වයක් වාර්තා වන්නේ බදුල්ලෙනි. බදුලූ අත්දැකීමත් සමග අපි ජනකරලියේ ඉදිරි වැඩ ගැන පාරාක‍්‍රම සමග මදක් දොඩමඵ විය. ජනකරලියේ පුරෝගාමියා වන පරාක‍්‍රම නිරිඇල්ල නොවැම්බර් ව්‍යාපාරයේද පුරෝගාමී සාමාජිකයෙක්.
… ජනකරලිය පටන්ගත්තෙ 2002 අවුරුද්දෙ. මේ වෙද්දි ජනකරලිය අවුරුදු පහක කාලයක් ගෙවල තියෙනවා. දැන් අපි කථාකරමින් ඉන්නෙ ජනකරලිය මින් ඉදිරියට වර්ධනය කරන්නෙ කොහොමද කියන එක පිළිබදවයි. අපිට පහුගිය අත්දැකීම් රාශියක් තියෙනවා. මේ අත්දැකීම් හරහා ජාතීන් අතර පවතින විරසකභාවයට විකල්පව විවිධ ජාතීන් අතර සහජීවනයක් ගොඩනැගීම වෙනුවෙන් සංස්කෘතික තලය තුළ කිසියම් කාර්යභාරයක් ඉටුකිරීම තමයි අපේ ඉදිරි ක‍්‍රියාකාරීත්වයන් තුළ ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
ජනකරලිය තුළ තියෙන සංයුතිය ගත්තත් ඒ තුළ තියෙන්නෙ බහුවාර්ගික සංයුතියක්. මෙම සංයුතිය තුළ පදනම් වෙමින් අප කරන මැදිහත්වීම හරහා ඔප්පු කරන්නෙ සිංහල ජනයාට දෙමළ ජනයා සමග එකතුවී වැඩ කරන්න පුඵවන්ය සහ සහජීවනයක් ගොඩනගා ගතහැකියි කියන එකයි. අපි සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන නිසා අපේ අත්දැකීම් නිර්මාණ හරහා දෙමළ භාෂාව කතා කරන ප‍්‍රජාව සමග හුවමාරු කරගැනීමේදි පවතින සන්ණිවේදන බාධකය ඉවත්කරගෙන තියෙනවා.
අනිත් ප‍්‍රධානම කාරණය තමයි සංස්කෘතික ක්‍ෂේත‍්‍රය තුළ දෙමළ සහ සිංහල කලාකරුවන් අතර පවතින දුරස්තභාවය. මෙයට යම් විකල්පයක් වශයෙන් අපි කල්පනා කරලා තියෙනවා ඉදිරියෙදි උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වැඩි වශයෙන් අපේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න. මේ තූල අපි බලාපොරොත්තු වෙනව මේ ප‍්‍රදේශවල ජීවත් වන කලාකරුවන් සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සමග කිසියම් සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට. මේ කාරණයත් මූලික වශයෙන් පෙරදැරි කරගනිමින් ඉදිරියේදී  අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල අපේ ක‍්‍රියාකාරකම් දියත් කිරීමට සැලසුම් කරමින් ඉන්නවා…

Advertisements
Comments
  1. Supeshala says:

    ane aparadde ape j h

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s