ඉතාම සුඵ පිරිසක් විසින් සමස්ත ලෝකයම පාලනය කිරීමට කුමන්ත‍්‍රණයක ස්වරුපයෙන් අධිකාරීත්වය ක‍්‍රියාත්මක වෙද්දී එහි පොදු ජනයාට නිරාවරණය වු මුහුණතක් වන ලෝක වෙළද සංවිධානයට එරෙහි ගෝලීයව බිහි වූ පොදු ජන ව්‍යාපාරයන්ගේ පිළිඹිබුවක් වන ලෝක සමාජ සමුඵව විසින් ශ‍්‍රී ලංකාවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙහි දී තම වාර්ෂික සමුඵව සමරද්දී අපගේ තරුණ ජිවිත හා සම්බන්ද සුවිශාල සිදුවීමක් සිදු විය.
‘‘අග්නීමා’’ එනම් ‘‘ගිනිසි`ඵව අතින් ගත් මිනිසා එදින වේදිකාවට අවතීර්ණ විය. ‘‘අග්නීමා’’ එනම් අපගේ සංගීත කණ්ඩායම යි.
දේශපානය තුල මෙන්ම සංගීතය තුලද නිර්මාණශිලිව ක‍්‍රියාත්මක වෙන්න පටන් අරන් අපිට වැඩි කාලයක් ගත වෙලා තිබුනේ නෑ. මෙ වන විටත් අපි කිහිපදෙනෙක් හමුවෙලා සංගීත කණ්ඩායමක් ගොඩනැංවීම පිළිබද මුලික කථා බහක් ආරම්භ කරලා තිබුනේ. එහි ප‍්‍රවේශය අවේ නෙවිල්ගෙන්,
අප හා හා පුරා කියා මුහුණ දුන්නේ සුවිසල් ෙවිදීකාවකට ය. පේ‍්‍රක්ෂකාගාරය හා ගී ගයන අප අතර වන පරතරය තුල අත්මීය මෙන්ම එලෙසම විප්ලවීය ද වු බිය මුසු සුන්දර අවකාශයක් විය…
අවකාශයක ගි ගයන්න පැරකුම් අපිට ගෙනාපු යෝජනාව හින්දා අපිට සිද්ද වුනා වඩා පිළිවෙලට යම්කිසි ප‍්‍රතිඵලයක් ඇතිව ඉදිරියට යන්න අපි ගොඩාක් කථා කළා, රණ්ඩු වුණා, පැරා අපිට සිංදු ලිව්වා, අපි මෙලඩි හැදුවා ඒවායේ දේශපාලනය කථා කලා.
නොවැම්බර් ව්‍යාපාරය හින්දා එකතුවුන අපි දිවයිනේ විවිධ පලාත්වල අය අපි එකිනෙකාගෙන් වෙනස්, එකිනෙකාට ආගන්තුකයි කියලා හිතෙන අපේම ජිවිත වල හාමනි එක ඒ ‘ගිනිසි`ඵ අතින් ගත් මිනිසා’ වයන්නට පටන් ගත්තා. මට හොදට මතකයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක ශිෂයන් සාමුහිකව අපිත් එක්ක එකතුවෙලා කොළඹ නගරයේ ආගන්තුක බව අමතක කරපු හැටි…
එන්න කදුකරයට
මල් පිපෙන
කුරුල්ලන්ද ගී ගයන
පොලිසීය නැති
ආදරය ඇති
එන්න කදුකරයට
අජිත් පැරකුම් අපේ සංගීතයට කථා කරන්න වචන එකතු කලා. අපි ඉදිරියෙන් විශ්වාසකමින් බැදුනු පේ‍්‍රක්ෂකාගාරයක්… ඔවුන් අපිත් එක්ක ඒ ගමන යන්න ලැස්ති වෙලා හිටියා. අපි දිගටම මහන්සි වුනා… ගොඩක්. හැම සති අන්තයකම තාරක අනුරාධපුරයේ ඉදලා දේවල් ගොඩක් අරගෙන කොළඹ එනවා. තුමාරා වැව කණ්ඩිය දිගේ, ජිවිතේ සැහැල්ලූවයි කටහඬේ මිහිරියාවයි එකතුකරගෙන ‘අග්නීමා’ ලගට එනවා…..
ඉතින් අතිශයින් වාණිජකරණය වු කලා ක්‍ෂේත‍්‍රය තුල ඊට විකල්පව පොදුජන සංස්කෘතික කි‍්‍රයාවලියක් විදියට, ඉතාමත් විධිමත්ව, සහ ප‍්‍රායෝගිකව ගොඩ නැගුණු වැඩ සටහනක් වු පරාක‍්‍රම නිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන ජන කරලිය සංස්කෘතික වැඩසටහන මගින් තබුත්තේගම ප‍්‍රදේශයේ පවත්වන ලද ඔවුන්ගේ වැඩ මු`ඵවක අංගයක් ලෙස ‘අග්නීමා’ හී ගිනිසි`ඵව එහි රැුගෙන යන්නට අපට ආරාධනාවක් ලැබුණී. එය සංගීතය තුල මෙන්ම පොදු ජන ක‍්‍රියාවලීන් තුලද අතිශයින්ම ආධුනික වු අපිට අපගේ ජිවිතයේ අභියෝගාත්මක මෙන්ම, තීරණාත්මක මොහොතක්ද විය. දහසකට අධික පේ‍්‍රක්ෂකාගාරයක් ඉදිරියේ අප අදිෂ්ඨාන සහගතව අපගේ ආදුනිකත්වය අමතක කර දැමුවෙමු. ඒ සුන්දර මොහොත ‘අග්නීමා’ වෙනුවෙන් බොහෝ දේ එකතු කලේය.
බලාපොරොත්තු සහ මිතුරන් ගොන්නක් සමගින් ‘අග්නීමා’ දැඩි පන්නරයකින් යුතුව ගම් දනව් සිසාරා ඇවිද යන්නට විය.
එම දිගු ගමන යෑම සදහා වසා, මධුවන්ත, චින්තක ‘අග්නීමා’ සමග සහෝදරත්වයෙන් එකතු විය. මධුවන්තගේ බෙර හඩත්, වසාගේ ආදරණිය ගී රාවයත්, චින්තකගේ ගිටාරයත්, අනුරාධාගේ සම්බන්ධිකරණයත්, මේ සියල්ලගේ කැපවීමත් නිසා ගිනිසි`ඵව තවත් උනුසුම්ව දැල්වුණි.
අග්නීමා වෙනුවෙන්
ජයාන් පතිරණ