‘මහතොට’ ‘මාතොට’ ‘මහතිත්ත’ ‘මාතර’ ඉතිහාස විමසුම

Posted: July 17, 2010 in ඉතිහාස

කොළඹ – කතරගම මාර්ගයේ පැරණි ක‍්‍රමයට සියවැනි සැතපුම් කණුව පිහිටා ඇත්තේ මාතර නගරයේය. කඩවත් සතර, වැල්ලබඩ පත්තූව, ගගබඩ පත්තූව, වැලිගම් කෝරළය හා මොරවක් කෝරළය යන ප‍්‍රදේශ 6කින් යුතූ දකූණු පළාතේ දෙවැනි උප නගරය මාතරයි. රක්වානේ කදු වැටියෙන් ආරම්බව, මාතර තොටමුණෙන් අවසන් වන නිල්වලා නදිය ඵක් පසෙකින්ද, අනෙක් පසින් මාතර නගර සීමාව තෙක් විහිදෙන ඉන්දියන් සාගරය ආශ‍්‍රිතව පිහිටා ඇති මෙම නගරය ඈත අතීතයේ සිටම රුහුණේ පැවැති ආර්ථික ප‍්‍රබෝධයත් ආගමික පුනර්ජීවනයත් විදහා දක්වයි.
කූමන කාලයේ මාතර ජනාවාස ආරම්භ වුයේද යන කරුණු සම්බන්ධයෙන් ඉතිහාසඥයන්ට සමාන ඵක`ගතාවයන්ට පැමිණීමට නොහැකි වී ඇත. සමහර ඉතිහාසඥයන්ගේ මතය අනුව මාතර මුල්ම ජනාවාසයක් ආරම්භව ඇත්තේ මුල්ම යුගයේ ඵහි පදිංචිව සිටි නාග වංශිකයන් විසිනි. අනුරාධපුරයේ රාජ්‍ය කල මුටසීව (ක‍්‍රි.පූ 367-307* රජුගේ පුතූන් දස දෙනාගෙන් ඵක් පුතෙකූ වු උපරාජ මහානාඝ කූමරු තම ඥාතීන් සමග මාගම වාසය කල බව ඵෙතිහාසික තොරතූරු වල සදහන් වේ. ලම්භකර්ණ වංශිකයන් පරදවා ක‍්‍රි.ව 33-43 අනුරාධපුරයේ රජකම් කල ඉලනාග රජු පසු කාලයේදි  ලම්භකර්ණ වංශිකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ ප‍්‍රතිථලයක් වශයෙන් මාතර ප‍්‍රදේශයේ කාලයක් වාසය කල බව සදහන් වේ. පසු කලෙකදී ලම්භකර්ණයන් පරදවා නැවත වරක් අනුරාධපුරය තම රාජධානිය කරගත් සමයේ මාතර ප‍්‍රදේශයේ විසු නාග වංශිකයෝ බලවත්ව සිටි බව සදහන් වේ
ජනශ‍්‍රැතිය අනුව අනුරාධපුරයේ රජකම් කල කූමාරදාස රජතූමා (කි‍්‍ර.ව 508-516* මෙම යුගයේ මාතර ප‍්‍රදේශයේ වාස භූමිය කරගෙන සිටි නාග ග්‍රෝති‍්‍රකයන් සමග ඥාති සම්බන්ධකම් පැවැත්වු අතර, සිය ඥාතීන් බැහැ දැකීමට වරින් වර පැමිණි බව කියවේ. ගම්පොළ යුගයේ පස්වැනි බුවනෙකබාහු (1371-1408* රජතූමාගේ ප‍්‍රතිරාජ පදවිය ලබා සිටි වීරබාහු ඈපා නම් ලද්දෙකූ විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩ නැංවු බවත්, ආරම්භයේදී ‘මාතොට’ ‘මහතොට’ නමින්ද පසු කාලයේ ‘මහතිත්න’ නමින්ද හැදින්වු බවත්, අවසානයේ පෘතූගීසීන්ගේ වැරදි උච්චාරණයක් නිසා මාතර නමින් හැදින්වූ බවත්, මාතර ප‍්‍රදේශයට අයත් ඵෙතිහාසික තොරතූරු වල සදහන් වේ. ඵසේම කොළඹ සිට පැමිණෙන මාර්ගයේ ක`ඵ ග`ග තරණය කරන ක`ඵතොට තෙර වරාය, ක`ඵතර වශයෙන්ද, බෙන්තර ග`ග තරණය කරන බෙන්තොට, බෙන්තර වශයෙන්ද, වැලිතොට වැලිතර වශයෙන්ද, මාතර නිල්වලා ග`ග තරණය කරන ‘මහතොට’, ‘මාතොට’ ‘මාතර’ වූ බවද කියවේ.  යටත් විජිත කාලයට පෙර සිටම මාතර විවිධ ජාතීන් ඵකට විසු බවට ඉතිහාසයේ සදහන් වේ.
යටත් විජිත යුගයට පෙර පොදුවේ දිවයිනේ අනෙකූත් ප‍්‍රදේශවල මෙන්ම මාතර ප‍්‍රදේශයේද සාහිත්‍ය ප‍්‍රබෝධයක් තිබූ බවට ඉතිහාසයේ සදහන් වේ. මේ ස`දහා ප‍්‍රධාන කේන්දාස්ථානය වී ඇත්තේ බෞද්ධ මධ්‍යස්ථානයන්ය. වීරබාහු ඈපාණන් විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩනැංවීමට පෙර දුර අතීතයේ සිටම ලෝක වෙළද පළ හා සම්බන්ධතාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇත. ග‍්‍රීක, රෝම හා පර්සියන් ජාතිකයන්ට අයත් ජාත්‍යන්තර වෙළ`දුන් මෙම ප‍්‍රදේශය හා සම්බන්ධ වූ බවට සාක්ෂි ඇත.
15 වැනි සියවසේ ෂඞ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ‍්‍රි රාහුල මාහිමියන්ගේ අධිපතීත්වයෙන් මෙම යුගයේ භාවිතයේ තිබූ සියලුම විෂ්‍යයන් වලින් සමන්විත වී ( විශ්ව විද්‍යාල තත්වයෙන් හෙබි * විද්‍යා පීඨයක්  තොටගමුවේ පිහිටා තිබූ බවට තොරතුරු ඇත. මෙම විද්‍යා පීඨයේ ඉන්දීයාව වැනි රටවලින් පැමිණි සිසුන් පවා ඉගෙනුම ලබා ඇති බව සදහන් වේ.
18 වැනි සියවසේ මැද භාගයේ සිට 19 වැනි සියවසේ දෙවැනි දශකය තෙක් රුහුණේ ජීවත් වූ ගජමන් නෝනා කිවිදිය විසින් රචිත ‘දැඩිතර ශෝක මාලය’ නැමැති කෘතියෙන් 18 වැනි සියවසේ මාතර පුරවරයේ තිබූ පුරප‍්‍රසාද, බලකොටු, පවුරු පදනම්, සල්පිල් යනාදියෙන් පැවැති යැයි සදහන් වේ.
(තොමසු පුරාණය නැමැති ග‍්‍රන්තය ආශ‍්‍රයෙනි*

ඵසේම අපගේ ලාංකික උරුමය යනු මෙම දිවයින තුල හුදකලාව  ගොඩනැගුනක් නොව ඵය මෙම දිවයින දකුණු ආසියානු කලාපය සමග පැවැති සමාජ, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික වශයෙන් වු අන්තර් සම්බන්ධය හරහා ගොඩනැගුනු උරුමයන්ය යන්න, අපට මෙම ඓතිහාසිික කරුණු සමග ඵක`ග විය යුතූය. අප තව දුරටත් මේ පිළිබ`ද සොයා බැලීමට උත්සාහ කරමු.

සිසිත මංගල

මාතර ඉතිහාස කවය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s