මේ දිනවල දිවයිනේ බොහොමයක් ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය වෙමින් පවතින ප‍්‍රසන්න විතානගේ නිර්මාණ කරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ වේදිකා නාට්‍යයෙහි ඇතුලත් වූ දුම් පානය කිරීමේ දර්ශනයක් සම්බන්ධයෙන් වු නිශේදනීය මැදිහත්වීම් දෙකක් පිළිබඳව අපට අසන්නට ලැබුණි. මින් එක් සිදුවීමක් වූයේ කොළඹ පැවති එක් නාට්‍ය දර්ශනයකදී මෙම දුම්බීමේ දර්ශනය නිරූපනය කෙරෙන අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි කිසියම් පිරිසක් ‘හූ’ කියමින් නාට්‍යයට බාදා කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව කොළඹ පැවති වෙනත් නාට්‍ය දර්ශන වාරයකට පෙර එහි පැමිණි පිරිසක් විසින් මෙම දුම්බීමේ දර්ශනය අදාල කරගනිමින් පත‍්‍රිකාවක් බෙදාහැර ඇත. මෙම දුම් පානය කිරීමේ දර්ශනය සම්බන්ධයෙන් පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනූව පොලීසිය පැමිණ නාට්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ ඉහත සිදුවීම් වලට පසුවයි.
පසුගිය කාලය පුරාම ප‍්‍රගතිශිලී නිර්මාණකරුවන්ට සහ ඔවුන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් එල්ල වූ විවිධ ස්වරූපයේ වාරණයන් සහ බලබෑම් වල අත්දැකීම් නිසා මෙම සිදුවීම් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වීම වැදගත් යැයි අප සිතුවා.
ආචාර්්‍යය සුනිල් විජේසිරිවර්ධන.
ප‍්‍රසන්න විතානගේ නිර්මාණකරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ ෙවිදිකා නට්‍යය සම්බන්ධයෙන් වු නිශේදනීය ප‍්‍රතිචාරයන් දෙකක් පිළිබඳව අපිට දැනගන්න ලැබිලා තියනවා. මේ ප‍්‍රතිචාරයන් දෙක පිළිබඳව අපේ දැඩි අවදානය යොමු විය යුතුයි. සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරනවා කියලා කටයුතු කරන සමාජ පිරිස් තම අරමුණු වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ග මොනවාද කියන එක වැදගත්. මොකද තම අරමුණු ලඟා කර ගැනීම සඳහා අයහපත් කි‍්‍රයාමාර්ග වලට එල`ඹිම සමාජයට හානිදායක විය හැකියි. සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාක්ෂාත් කරගැනීමේදි පවා අප අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග මොනවාද කියන එක ඉතා වැදගත්. එම කි‍්‍රයාමාර්ග සමාජයට හානි කර නොවිය යුතුයි.
මත්ද්‍රව්‍ය ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස් තම අරමුණු සඳහා ගනු ලබන කි‍්‍රයාමාර්ගත් යහපත් විය යුතුයි. එ් වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ග ප‍්‍රචණ්ඩ වුනොත් සමහර විට සමාජයේ ප‍්‍රතිචාරයත් ප‍්‍රචණ්ඩ විය හැකියි.
නාට්‍යය දර්ශනයකට ඇවිල්ලා එහි දුම් බීමේ දර්ශනයක් නිසා පේ‍්‍රක්ෂකාගාරයේ ඉඳන් ‘හූ’ කියලා නාට්‍යය දර්ශනයට බාදා වෙන ආකාරයට ප‍්‍රතිචාර දැක්වීම කියන්නේ අශිෂ්ඨ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්. මේ හරහා සමාජයට දෙන ආදර්ශය වෙන්නේ තමන් අකමැති දෙයට ගල් ගහන්න කියනවා වගේ දෙයක්. නමුත් විය යුත්තේ, මත් ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට වෙන හානිය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස් එ් පිළිබඳව අධ්‍යාපනික වැඩසටහන් සහ එයට අදාල නිර්මාණ කිරීම මිසක් මෙවැනි අශිෂ්ඨ ප‍්‍රවේශයන්ට එල`ඹිම නොවේ.
සිනමාව සහ නාට්‍යය හරහා පරාවර්ථනය කෙරෙන්නේ පවතින සමාජයයි. එ් නිසා සිනමාව සහ නාට්‍යය කියන්නේ කැඩපතක් වැනි දෙයක්. මෙවැනි ක‍්‍රියාමාර්ගයන්ගෙන් වෙන්නේ කැඩපතකට ගල් ගහනවා වගේ දෙයක්.
මෙහිදි අවදානය යොමු කළ යුතු අනික් කාරණය වෙන්නේ පොලීසිය
නාට්‍යය අධ්‍යක්ෂකවරයාව ප‍්‍රශ්ණ කිරීමයි. මෙය රැුඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව ප‍්‍රදර්ශනය වන නාට්‍යයක්. මේ නිසා පොලීසියට කිසිම අයිතියක් නැහැ මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයාගෙන් ප‍්‍රශ්ණ කරන්න. මහජනයා තමයි තීරණය කරන්න ඕන මේ නිර්මාණය භාර ගන්නවාද නැද්ද කියන එක. මේක භායනක ප‍්‍රවණතාවයක්. අපි රජයකට මෙවැනි අයිතියක් දීලා නැහැ. මෙවැනි දේ කරන්න නෙමෙයි අපි ඡුන්දය දීලා රජයක් පත් කරලා තියෙන්නෙ.
මට තේරෙන්නේ නැහැ, පොලීසියෙන් ඇයි මේ සම්බන්ධයෙන් නාට්‍යය අධ්‍යක්ෂකවරයාව ප‍්‍රශ්ණ කළේ කියලා. මන්ද පොලීසිය හොඳ පළපුරුදු ඇති නිළ රාජ්‍යය ආයතනයක් හැටියට දැනගත යුතුයි නාට්‍යයක් ප‍්‍රසිද්ධියේ පෙන්වනවානම් එය පෙන්වන්නේ රාජ්‍යයෙන්ම පිහිටුවා ඇති ප‍්‍රසිද්ධ රැුගුම් පාලක මණ්ඩලය මෙම නාට්‍යය ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට නිල සහතිකයක් ලබා දී ඇති බව. පොලීසියට මෙම නාට්‍යය ඉදිරිපත් කිරීම පිළිබඳ කලාත්මක හරයේ ප‍්‍රශ්නයක් පවතී නම් එ් පිළිබඳව විමසිය යුත්තේ නාට්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් නොව අර සහතිකය ලබාදුන් මණ්ඩලයෙනුයි. මන්ද සහතිකය දීමෙන් එම මණ්ඩලය මේ නාට්‍යය ඉදිරිපත් කිරීමේ නිල වගකීම තමන් අතට අරගෙන තියනවා. සමාජය සහ රාජ්‍යය වෙනුවෙන් එම වගකීම භාර ගැනීම එම මණ්ඩලයේ රාජකාරියයි. එහි රාජකාරිය වන්නේ අප සමාජයේ අදහස් ප‍්‍රකාශ කිරීම සහ නිර්මාණාත්මක කෘති ඉදිරිපත් කිරීම වැනි සන්නිවේදනාත්මක කි‍්‍රයාදාමයක් සඳහා අනුබල දීමයි. ඇත්තෙන්ම මේ මණ්ඩලයෙන් කෙරෙන්න ඕන දෙයක් තමයි මෙය ප‍්‍රදර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව සන්නිවේදනය කිරීම. ඉතින් පොලීසියේ වගකීමක් තමයි මේ පිළිබඳව එම ආයතනය මඟින් පැහැදිලි කර ගැනීම.
නමුත් අප රටේ දේශපාලන රටාව අවුරුද්දෙන් අවුරුද්ද මර්ධනකාරි වෙන්න වෙන්න අපි අත්දැකලා තියනවා නොයෙකුත් කලාකරුවන්ව රාජ්‍යයමය, රාජ්‍යයමය නොවන හා රාජ්‍යය විරෝධී අංශයන්ගෙන් අනියම් ලෙස හිරිහැර කිරීම් වලට ලක්වෙනවා. අනියම් බලපැම්, ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයන් සහ ඝාතනයන් තරම් අන්තයකට ගිහින් ඇති අපේ කලා ප‍්‍රජාවේ අත්දැකීම් මත අපි අද දින මෙවැනි ප‍්‍රශ්ණ කිරීම් පිළිබඳව ඉතාම සීරුවෙන් බැලිය යුතුයි.
රංගන ශිල්පිණි කෞෂල්‍යා ප‍්‍රනාන්දු
මම හිතන්නේ කලාකරුවෙක් විදියට තමන්ගේ නිර්මාණයක් කරන කොට එයාට අනිවාර්්‍යයෙන්ම එයාගේ නිර්මාණය පිළිබඳව නිදහස තියෙන්න ඕන. මම හිතන්නේ නැහැ ප‍්‍රසන්න විතානගේ කියන්නෙ තමන්ගේ නිදහස අයුතු විදියට භාවිතා කරන කලාකරුවෙක් කියලා. ප‍්‍රසන්න කියන්නෙ මේ රටේ වේදිකා නාට්‍යය සහ සිනමාව තුල දිර්ඝ ඉතිහාසයක් සහිත කෙනෙක්. ඉතින් ප‍්‍රසන්න වගේ කෙනෙකුට මේ විදියට බලපෑම් කරනවානම් මම අහන්නේ තරුණ කලාකරුවෙක්ට මේ රටේ තියන ආරක්ෂාව මොකක්ද? අනිත් එක රැුඟුම් පාලක මණ්ඩලය තියෙද්දි නාට්‍යය ගැන තීරණයක් ගන්න පොලීසිය වගේ ආයතනයක් මේකට මැදිහත් වෙන්න ප‍්‍රසන්න අපරාධ කාරයෙක්ද? දැන් ඕනෙම නිර්මාණයකට අදාලව යම් යම් චරිත හැසිරෙන ආකාරයන් තියනවා. එ් චරිත හැසිරෙන ආකාරය නිර්මාණයක නිරූපණය උනාට එ්කෙන් කියවෙන්නෙ නැහැ එ් චරිත ලක්ෂණ හරි හෝ වැරදියි කියලා විනිශ්චයක් නිර්මාණකරුවා දෙනවා කියලා.
දැන් ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍යය ගත්තොත් අපේ රටේ නාට්‍යය කලාවේ මුදුන් මල් කඩ විදියට සළකන නිර්මාණ නේ. ඉතින් මේ කියන සදාචාරවාදී නිර්ණායක ඇතුලෙ මනමේ කුමරිය තමන්ගේ පුරුෂයා අත්හැරලා වෙන පිරිමියෙක් එක්ක යන එක වැරදි කියලා මනමේ තහනම් කරන්න ඕනනේ. නැත්නම් ‘සිංහබාහු’ නාටයයේ කුමාරියක් සිංහයෙක් එක්ක සහවාසයේ යෙදිම සදාචාරවාදී නැහැ කියලා නාට්‍යය පෙන්වන එක නවත්වන්න ඕනෙ නේ. අනිත් එක ලංකාවේ සිගරට් බොන එක හරි අරක්කු බොන එක හරි තරුණ පරම්පරාව පුරුදු වෙන්නෙ සිනමාව හෝ නාට්‍යය නිසා කියලා කියනවා නම් එ්ක හරිම විහි`ඵවක්. නාට්‍යය වල එ් වගේ දර්ශන තිබුනත් නැතත් මිනිස්සු අරක්කු සිගරට් බොනවා. මේකට කියන්න තියෙන්නෙ ලංකාවේ කලාව පිළිබඳව තියන නොදියුණු බව කියලා තමයි. මේ නිසා ලංකාවේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කෙරෙන මෙවැනි සිය`ඵම අයහපත් මැදිහත් වීම් මම තරයේ හෙලා දකිනවා.
සටහන – සම්පත් සහ තමාරා