‘සදක් නැතිවෙන්න ඉඩ ඇත’

Posted: August 27, 2010 in කලාව

නොවැම්බර් ව්‍යාපාරයේ සිංහල බ්ලොග් අඩවියෙ එක් ප‍්‍රධාන අපේක්ෂාවක් තමයි අපේ හැකියාවේ මට්ටමින් විවිධ සංස්කෘතික ක‍්‍රියාකාරකම් සඳහා පොදු වේදිකාවක් ගොඩනැගීමට උත්සහ කිරීම සහ එ සඳහා යම් දායකත්වයක් සැපයීම. මේ වන විට සිංහල  බ්ලොග් අවකාශයේ බොහොමයක් බ්ලොග් අඩවි මගින් විවිධ සංස්කෘතික මැදිහත් වීම් සඳහා සාධනීය අවකාශයන් නිර්මාණය කොට තිබෙනව. ඇත්තටම අපේ උත්සහය වෙන්නෙ මෙම සාධනීය අවකාශය සඳහා යම් යම් එකතු කිරීම් සහ දායකත්වයන් සැපයීමයි.

‘සදක් නැතිවෙන්න ඉඩ ඇත’

මේ ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න ගේ ප‍්‍රතම කාව්‍ය සංග‍්‍රහයයි. ඉතිං අපි හිතුව මදුරංග ගෙ මෙම උත්සහය පිළිබදවත් ඔහුගේ කවිය පිළිබඳවත් කෙටි කාතාබහක යෙදෙන්න.
‘‘ ….1999 දි මම උසස්පෙළ සඳහා කෙරුවෙ බයෝ. එ කාලෙ මම හිටියෙ පට්ට සිහින ලෝකෙක. මගේ සිහිනය වුනේ උසස්පෙළ සමත්වෙලා කොහොම හරි වෛද්‍යවරයෙකු වීමයි. නමුත් උසස්පෙල ප‍්‍රතිඵල අප්සට් වීමත් සමග මගේ සිහින ලෝකය සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනව. මේ කාලෙදි තමයි මම මාක්ස්වාදී පතපොතටත් මාක්ස්වාදී දේශපාලනයටත් නැඹුරු වෙන්නෙ.
‘‘……මම මේ කාලෙ දවසක බස් එකේ නැගල ගමේ යද්දි වෙන කිසිදවසක නොදැනුනු විදියට මට එ් ගමන දැනෙන්න ගත්ත. මම එදා කන්තලේට යමින් හිටිය බස් එකේ හිටිය සිංහල, දෙමළ සහ මුස්ලිම් මිනිස්සුන්ගෙ ජීවිතය කවදාවත් නැතිවිදියට දැනෙන්න ගත්ත. එ් හැගීම් ප‍්‍රකාශ කිරිමේ දැඩි අවශ්‍යතාවයකුත් මට ආවා……’’
‘‘….මේ කාලෙදි තමයි මට දිලිප් කුමාර ලියනගේ සර්ව හම්බවෙන්නෙ. එ් මම කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට යාමේ ප‍්‍රතිඵලයක් විදියටයි. ඇත්තෙන්ම කියනවනම් දිලිප් කුමාර ලියනගේ කියන පුද්ගලයාව හමුවීම මගේ ජීවිතයේ ප‍්‍රධාන සංදිස්ථානයක් වගේම හැරවුම් ලක්ෂයක් කියන්න පු`ඵවන්. දිලිප් සර් හරහා තමයි මම කවි කියවන්න සහ කවි ගැන සොයන්න පෙලඹුනේ. දිලිප් කුමාර සර් එයාගේ ටියුට් වල සඳහන් කරල විස්තර කරපු පරාක‍්‍රම කොඩිතුවක්කුගෙ, රත්න ශ‍්‍රී ගේ සහ ලාල් හෑගොඩගේ කවි හරහා කවිය සඳහා වූ මගේ අශාව ඇවිස්සුනා. මේ කාලයෙදි මට කියවන්න ලැබුණා ලාල් හෑ ගොඩගේ ‘ගඟ වක් වී ගලන තැන’ කියන කවි පොත මට සෑහෙන්න බලපෑමක් ඇති කළා. ලාල් හෑගොඩගේ එ් කවි පොතත් එහි පෙරවදනත් නිසා මට ඔහුව හමු වී කතාබස් කිරිමේ දැඩි අවශ්‍යතාවයක් ඇතිවුනා. මේ නිසා මම මහ ?ක ගිරිඋල්ලෙ ගිහින් හරිම අමාරුවෙන් හෑගොඩ ගේ දුරකතන අංකය සොයාගෙන කථාකරල ඔහුව හමුවෙන්න අවශ්‍ය බව කිව්වා. ඇත්තටම මට  ඕන වුනේ එ් පෙරවදනේ ඉන්න මනුස්සය ඇත්තටම ඉන්නවද කියල බලාගන්නයි….’’
… මේ කාලෙදි මම ‘සිතිජය’ සඟරාවටයි ‘රාවය’ පත්තරේටයි කවි ලියන්න ගත්ත. ඇත්තටම ‘සිතිජය’ සඟරාවෙන් තමයි බොහෝ අය මාව අදුර ගත්තෙ. දිලිප් කුමාර ලියනගේ සහ සමීර ප‍්‍රියමාල් රණසිංහ එකතු වෙලා ‘දියබරියා චප්ප විය’ නමින් කවි පොතක් එලි දැක්වුවා. මෙහි මගේ කවිත් ඵල කෙරුණා. මින් අනතුරුව තරුණ කවියන්ගෙ කවි සියයක් එකතු කරල ‘කවි සියපත’ නමින් වසරකට වරක් කවි පොතක් නිකුත් කෙරුව. වසර තුනක් ‘කවි සියපත’ නිකුත් කෙරුණා. මෙය සරසවි ප‍්‍රකාශනයක්. මෙහි මගේ කවිත් ඇතුලත් වුනා. ඇත්තටම මගේම කවි පොතක් විදියට නිකුත් වෙන පලමු කෘතිය තමයි මේ ‘සදක් නැතිවෙන්න ඉඩ ඇත’ කාව්‍ය සංග‍්‍රහය.
‘‘ … ඇත්තටම මට කියවන්න ලැබුණු පරාක්ක‍්‍රම කොඩිතුවක්කුගෙ, රත්න ශ‍්‍රි ගේ, ලාල් හෑ ගොඩගේ සහ දිලිප් කුමාර ලියනගේ ගෙ කවි මගින් මාව රිදෙව්වා. රත්න ශ‍්‍රී ගේ කවියෙ තියෙන සෞන්දර්්‍ය මට ගන්න බැරිවුනත් ඔහුගෙ කවි වල තිබුණ දයාබරකමට මම ඇලූම් කෙරුවා.
මට රිදවපු කවි අතර හෑගොඩගේ ‘සිරියාවතී නිදහස් කරන්න’, ‘අම්මගෙ දෑත’, ‘කුසුම් බුලූ ගඟ’, පරාක‍්‍රමගේ ’අට වරක් අට හැටයි’, ‘වේසිගේ පුතු’, ‘වතුර එක්ක යෑම’, ‘කුලී ගෙයක පදිංචියට යන වගයි’, රත්න ශ‍්‍රී ගේ ‘චත්ත ඝාතක’, ‘අවමංගල්‍ය ස්තූතිය’ සහ දිලිප් කුමාරගේ ‘පොලිස් රියේ කාපට් සෝදන සොයුරාට’ නැමති කවි සඳහන් කරන්න පු`ඵවන්. මට මේ කවි ගොඩක් දැනුණේ අපි ජිවත් වුන කන්තලේ වියලි කලාපයේ තිබුණ වියලි පරිසරයත් කටුක ජීවිතයත් නිසා වෙන්න ඇති…..’’
‘‘…..මගේ කවි වල සෞන්දර්්‍යාත්මකභාවයකට වැඩිය තියෙන්නෙ රඵ බවක්. එකට බලපාන්න ඇත්තෙ කන්තලේ මම අත්දැක්ක ජීවිතය වෙන්න ඇති.
….කන්තලේ ගොවියන්ට ණය ගෙවන්න බැරි නිසා ණයට හිලවු වශයෙන් ගොවියන්ගේ අස්වැන්න කොම්පැනි ඇවිල්ල කුඹුරු ලඟින්ම අරගෙන යනකොට, ප‍්‍රීමා කොම්පැනියෙ කන්ටේනර් බන්ට් එක දිගේ යනකොට, නයි ගහල අලි ගහල මිනිස්සු මැරෙද්දි, ඛගඔගඔගෑ එකෙන් මිනිස්සුන්ව කෑලිවලට කපල මරද්දි, පොලීසියෙන් සහ ආමි එකෙන් මිනිස්සුන්ව විවිධ අඩන්තේට්ටම් වලට ලක්වෙද්දි මේ අත්දැකීම් සෞන්දර්්‍යාත්මකව කවියෙන් ප‍්‍රකාශ කරන්න මට පුඵවන් කමක් නැහැ. මේ නිසා වෙන්න ඇති මගේ කවි වල ගොරෝසු කර්කශ කමක් තියෙන්නේ…. රත්න ශ‍්‍රී ගෙ කවියෙ තිබෙන සෞන්දර්්‍ය මට ගන්න බැරිවුනා කියල මම කිවුවෙ මේකයි…’’

විදුලි සැර වැදීමට පෙර
වව්ලෙකු වගේ සඳ
උඩුයටිකුරුව සිටින සඳ
සාවි පලවා හැර
මකරුන් අල්ලා ගන්න ඉඩ ඇත

පුඵවන් තරම් සීරුවට
ඉන්න බලන්න සඳ
පහල  රැහැනේ
නොගෑවෙන්න

කරන්ට්
වැදුනොත් එහෙම
අපට
සඳක්
නැති වෙන්න ඉඩ ඇත

තිස්තුන් කෝටියක්
තරු මිතුරන් සිටියද
තිස්තුන්දාහ අස
දෙවියන්ට
පණිවිඩයක්
යවා ගන්නවත් ඉඩ
නැතිවෙන්න
ඉඩ ඇත

‘සදක් නැතිවෙන්න ඉඩ ඇත’ කාව්‍ය සංග‍්‍රහය එලිදැක්වීම සැප්තැම්බර් 05 ප.ව. 2.00 පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

සටහන
නෙවිල්

Advertisements
Comments
  1. Charmi says:

    වැදගත් සටහනක් නෙවිල්. ලක්ෂාන් ගේ ඉන්ටවීව් එකක් දාපු එක ගොඩක් හොඳයි. සුබපැතුම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s