ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට ඉතා දුර ඈත සිහිනයක් වෙමින් පවතී…

Posted: September 4, 2010 in දේශපාලන

18 වන ව්‍යවස්ථා සංශෝදනය මෙම අගෝස්තු 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය සම්මත කරගැනීම සඳහා අවශ්‍ය සියඵ කටයුතු දැනටමත් සිදුකෙරී අවසන්ය. එලඹෙන අගෝස්තු 08 වෙනිදායින් පසු ලංකාව තුල ප‍්‍රගතිශීලී කලාකරුවන්ට නිර්මාණ කිරීම සම්බන්දයෙනුත්, මාධ්‍යකරුවන්ට තම ලිවීම සම්බන්දයෙනුත්, දේශපාලන සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ට තම ක‍්‍රියාකාරීත්වයන් සම්බන්දයෙනුත් ‘‘නව යුගයක්’’ උදාවන බවට ප‍්‍රත්‍යක්ෂය. එ ‘‘නව යුගය’’ තුළ අප සැමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සිහිනයක් වශයෙන් හෝ දැකීමට උත්සහ කිරීමම ශිෂ්ඨ සම්පන්න සමාජයක් සදහා වන අපගේ බලාපොරොත්තුව නොනැසී පවත්වා ගැනීම සඳහා ධෛර්්‍යක් වනු ඇත.
මේ මොහොත වන විට 18 වන ව්‍යවස්ථා සංශෝදනය 08 වන දා පාර්ලිමේනුතුවට ඉදිරිපත් කිරීමට විරුද්ධව විවිධ පාර්ශවයන් වෙතින් විරෝධතාවයන් මතුවෙමින් පවතී. අපගේ විශ්වාසය වන්නේ පවතින සමාජ දේශපාලන යථාර්තයට සාපේක්ෂව මෙම සියඵම අරගලයන් එකම පෙරමුණකට ගෙන එමේ නිශ්ඵල උත්සහයන්හි නිරත වීම වෙනුවට මෙම විවිධ ක‍්‍රියාමාර්ගයන් අතර පොදු අවබෝධයක් වර්ධනය කරගනිමින් මේ සඳහා වන විරෝධය බහුවිද මුහුණුවරයන්ගෙන්  සමාජය තුළ ඉතා ගැඹුරු අන්දමින් සටහන් කිරීමේ වැදගත්කමයි. මේ මගින් 08 වෙනිදායින් පසු උදාවීමට නියමිත එ ‘‘නව යුගයේදී’’ මුඵමනින්ම වියැකී යෑමට නියමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සිහිනයක් වශයෙන් හෝ දැකීමට හැකි අවකාශයක් විවර කරගැනීමට හැකිවනු ඇතැයි සිතමු.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන රාජයේ සේවකයන් වහලූන් කරන ව්‍යවස්ථා සංශෝධන පරදවමු

  • නව ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙතෙක් වංචාවෙන් යෙදු අවනීතීය නීතිගත වේ
  • ව්‍යවස්ථා එකාධිපතිවාදයෙන් ඡන්දදායකයා තමන්ගේම සතුරා බවට පත් කෙරේ
  • රජයේ සේවකයා මැති ඇමැතිවරුන්ට පාවා දීමෙන් ආණ්ඩුව වහල් යුගය අරභා ඇත 
  • යුගයේ මේ දැවැන්ත පාපයට ඡන්දය දෙන මන්ත‍්‍රීවරුන් එක හෙලා පිටු දකිමු
  • තනි මතයට, පවුල් බලයට, රටත් ජාතියත්, යටත් කර ගන්නා මේ රාජ වියරුව එක්ව පරාජය කරමු

රටට අහිතකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනසන රාජ්‍ය සේවකයා වහලූන් බවට පත් කරන මෙම ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීම සියලූ ජනයාගේ වගකීම බව අපි අවධාරණය කරන්නෙමු.

වෘත්තීය සමිති සම්මේලනය
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
ලංකා ගුරු සංගමය
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
තැපැල් හා විදුලි සංදේශ  නිලධාරීන්ගේ සංගමය
නිදහස් වෙලද කලාප හා  පොදු සේවා සේවක සංගමය
සුහද වරාය සේවක සංගමය
රජයේ මුද්‍රණ ශිල්පින්ගේ සංගමය
රජයේ කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය
ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය
සමස්ත ලංකා එක්සත් ධීවර ජනතා වෘත්තීය සංගමය
විද්‍යූත් නිකර්පණ රේඛණ ශීල්පීන්ගේ සංගමය
රජයේ දන්ත ශිල්පී සංගමය
ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය
එක්සත් කම්කරු සම්මේලනය
ලංගම විශ‍්‍රාමිකයන්ගේ පාරීතෝෂිත දිනාගැනීමේ සංවිධානය
ජාතික අධ්‍යාපන සේවක සංගමය 
ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලා වේදීන්ගේ සංගමය
දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංවිධානය (ශී‍්‍ර ලංකා ශාඛාව)
මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ
පීපල්ස් මාච්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 
පාර්ලිමේන්තු මන්ත‍්‍රි – දයාසිරි ජයසේකර මයා 
ශීරාල් ලක්තිලක  
සත්ත්‍යවෙල් පියතුමා
එල්මෝ පෙරේරා
කේ.ඩබ්. ජනරංජන 
එක්සත් සමාජවාදී පක්ෂය
සමාජවාදී පක්ෂය
නව වමාංශික පෙරමුණ                                                                                                                                                                                          ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය                                                                                                                                                      ලක්බිමේ මව්වරු හා දියණියෝ                                                                                                                                                                             නොවැම්බර් ව්‍යාපාරය
INFORM                                                                                                                                                                                                                PAFFREL
දියැස අධ්‍යාපන කවය 
බලංගොඩ මානව සංවර්ධන පදනම

Advertisements
Comments
  1. Charmi says:

    “මේ සඳහා වන විරෝධය බහුවිද මුහුණුවරයන්ගෙන් සමාජය තුළ ඉතා ගැඹුරු අන්දමින් සටහන් කිරීමේ වැදගත්කම…”
    මේ වාතාවරණය තුල ඇත්තටම වෙන විකල්පයක් නැහැ තමයි.

  2. Dharshana says:

    රාජ්‍යය සිය ශිෂ්ඨත්වයේ සළු-පිළි උනා දමමින් සිටි. අපේක්ෂාවේ සිහින දකිමු. එහෙත් මිත්‍යාවේ සිහින ඉවතලමු. බහුවිධ සටන් පෙරමුණක් පිළිබද අදහස අතිශයින් ම උචිත ය. එහෙත් අභ්‍යන්තරික සතුරුභාවයන් පිළිබදව ද අවදියෙන් සිටිම ගැන ද අවධානය යොමු කිරිම අත්‍යවශ්‍ය වේ. ඉතා සමිප නිදසුනක් ඇදුරෙන් කියතොත් මර්දනිය යුද්ධය පදනම් කොට ගත් වර්ගවාදය මත තාමත් පය තබා ගෙන එහි තාර්කික ප්‍රතිඵලය වූ මේ ඒකාධිපතිත්වය පරාජය කිරිම සදහා වන අරගලයක් විනාශය හා පරාජය පදනම් කරගත්තක් වනු නොවැලැක්විය හැක. මේ ඒකාධිපතිත්වයේ මුලබීජයන් පරාජය කිරීම සදහා වන ක්‍රියාකාරිත්වයන් ඕනැම ආකාරයක පුළුල් පෙරමුණක් විම අත්‍යවශ්‍ය වේ.
    -සාමය හා මානව හිමිකම් සදහා ක්‍රියාකාරීත්වය වෙනුවෙන් දර්ශන කාහිංගල

  3. Sumudu says:

    JVP kaarayanta ona une hama daamath me rate prashshna thiyenawa dakinna, un hama daama mini udin deshapalanaya karapu thira sannu. munta ape rate thiyena thana pahu giya chanden minissu pennuwa… thawa wena monawada ona karanne?

  4. Suji says:

    අඹ ගහ යට අපද එක්වන්නෙමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s