ප‍්‍රසන්නගේ ‘ආෙගෙයි පූක්කල්’ සංස්කෘතික පාලමක්

Posted: November 22, 2010 in කලාව

දකුණේ වෙසෙන සිංහල ජනයාට අනූව වසර තිහක් පුරා පැවති යුද්ධය අවසන්ව ඇත. නමුත් උතුරේ ජනයාගේ අත්දැකීම අනූව වසර තිහකට පසුව ඔවුන් කබලෙන් ලිපට ඇද වැටී ඇත. දකුණේ ජනයා ලංකාව ආසියාවේ ආශ්චර්්‍ය බවට පත්වීම සම්බන්දයෙන් සිහින දකිද්දී උතුරේ අවතැන් ජනයා මෙම ආශ්චර්්‍යමත් ලංකාවේ අවතැන් සිරකඳවුරු තුළ ‘‘ආශ්චර්්‍යමත් ’’  ජීවිතයක් ගතකරමින් සිටියි.
‘පශ්චාත් යුධ සමය’ තුළ උතුරු නැගෙනහිර ජනයාගේ සුව නොවුණු තුවාල සුවපත් කිරීම සඳහා කිසිවක් දකුණෙන් උතුරට ගමන් නොකරන මොහොතක සිංහල ව්‍යාපාරිකයන් රොත්තක් හනි හනිකට උතුරු නැගෙනහිර පැලපදියම් වෙමින් සිටියි. මෙවැනි යථාර්තයක් තුළ හෟද සාක්ෂියක් සහිත සිංහල කලාකරුවන් දෙතුන් දෙනෙකු ගේ  හෝ  නිර්මාණ උතුරට ගමන් කිරීම  අවිශ්වාසය සහ අපේක්ෂා බංගත්වයෙන් යුතු ජනතාවක් සඳහා  කිසියම් විශ්වාසයක් හා අපේක්ෂාවක් දැල්වීමක් වනු ඇත. එ් සිංහල දෙමළ සහෝදරත්වය සහ සහජීවනය සඳහා තවමත් විකල්ප මාවත් පවතී යන විශ්වාසය සහ අපේක්ෂාවයි. ප‍්‍රසන්න විතානගේ සිනමා කරුවාගේ ‘ආකාස කුසුම්’ චිත‍්‍රපටය දෙමළ බසින් හඬ කවා ‘ ආෙගෙයි පූක්කල් ’ නමින් උතුරු නැගෙනහිර සිනමා හල් වල ප‍්‍රදර්ශනය වීමෙහි පවතින දේශපාලන වැදගත්කම මෙයයි. පසුගිය මාසය පුරා ප‍්‍රසන්න විසින් එම්. ඞී. මහින්ද පාල සමග උතුරු නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ තරුණ තරුණියන් සඳහා සිනමාකරණය පිළිබඳව වැඩමුඵ මාලාවක් පැවැත්වීම වැදගත් වන්නේද, සිංහල දෙමළ සහෝදරත්වය හා මිත‍්‍රත්වය සඳහා විකල්ප මාවත් පවතී යන විශ්වාසය සහ අපේක්ෂාව එ් මගින් ශක්තිමත් කෙරෙන බැවිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s