‘පුරහද කඵවර’ සහ වාරණයට එරෙහි අරගලය

Posted: December 18, 2010 in කලාව

‘පුරහද කඵවර’ චිත‍්‍රපටයේ වාරණයට දස වසරක් සැපිරෙයි. ‘පුරහද   කඵවර’ වාරණයට ලක්වී ගෙවී ගිය දශකය තුළ සමාජයක් වශයෙන් භාෂනයේ සහ ප‍්‍රකාශනයේ නිදහස සම්බන්දයෙන් අප ඉතා අමිහිරි අත්දැකීම් පෙළක් පසු  කර ඇත. මේ අතර ‘සුලඟ එනු පිණිසයි’ චිත‍්‍රපටයට එරෙහිව එල්ල කෙරුණු දැඩි පීඩනය සහ නිළ නොලත් වාරණය, අක්ෂරය චිත‍්‍රපටය සම්බන්දයෙන් වූ වාරණය, වෙබ් අඩවි ගණනාවක් වාරණයට ලක් කිරීම, මාධ්‍යවේදී සිවරාම් සහ ලසන්ත ගේ ඝාතනයන්, මාධ්‍යවේදී තිස්සනායගම් සිරගත කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම සහ මාධ්‍යවේදීන්ට අවස්ථා ගණනාවකදීම පහරදීම ආදී සදුවීම් ප‍්‍රධාන වශයෙන් සඳහන් කල හැකිය. තව බොහෝ සිදුවීම් මින් ඉදිරියටද මෙම සිදුවීම් පෙළට අනිවාර්්‍ය ලෙසම එකතුවනු ඇත. ඉදිරියේදී එකතුවීමට නියමිත සිදුවීම් සංඛ්‍යාව අවම කරගැනීමේ හැකියාව වාරණයට එරෙහි අරගලයේ ශක්‍යතාවයන් ගේ පරිමානය මත තීරණය වනු ඇත. විවිධ ව්‍යුහයන් තුළ අභ්‍යන්තරිකව සිදුවන විවිධ ස්වරූපයේ වාරණයන්ටද එරෙහි අරගලයක් වශයෙන් මෙම අරගලය වර්ධනය වීම තුළ පමනකි මෙම අරගලයේ ශක්‍යතාවයන් ප‍්‍රසාරණය වනු ඇත්තේ.
‘පුරහද කඵවර’ චිත‍්‍රපටයේ වාරණයට එරෙහිව එහි අධ්‍යක්ෂකවරයා වන ප‍්‍රසන්න විතානගේ විසින් සිදු කල අරගලයද සටහන් කෙරෙමින් ‘පුරහද කඵවර පොත’ මේ මොහොතේදී නිකුත්වීම වැදගත් වන්නේ වාරණයට එරෙහි අරගලය යටපත් කල නොහැකිය යන පනිවිඩය එමගින් ගෙනෙන බැවිනි.
මීට දශකයකට පෙර ‘පුරහද කඵවර’ චිත‍්‍රපටයේ වාරණය සම්බන්දයෙන් එහි අධ්‍යක්ෂකවරයා වන ප‍්‍රසන්න විතානගේ විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කරන ලද සාකච්ජාවකින් සකසා ගත් පරිවර්තනයක් අප මෙහි පළ කරමු. මෙහි සාකච්ජාවන දශකයකට ඉහත සමාජ යථාර්තය වර්තමාන සමාජ යථාර්තය හා කෙසේ අදාල වන්නේද යන්න සළකා බැලීම ඔබට භාර කරමු.

ඔබ චිත‍්‍රපටය ස්ව්‍යං වාරණයකට ලක්කල යුතුයි කියලා අග විනිසුරුගේ ලිපිය මගින් නියම කෙරුණා. ඔබ එම නියමය තක්සේරු කරන්නේ කෙසේද?

බලධාරීන් මා තුළ නිශ්චිත බියක් ආරෝපනය කිරීම මගින් ස්ව්‍යංවාරණය සඳහා මාව පෙලඹවීමට උත්සහ කලා. ඔවුන් මට ඒත්තු ගන්වන්න උත්සහ කෙරුවෙ අන්ත දක්ෂිණාංශිකයන්ගෙන් ප‍්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බවත්, චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම හරහා නිර්මාණය කෙරෙන කුමන හෝ ප‍්‍රතිචාරයන්ගේ සියඵ වගකීම් මා විසින් දරාගත යුතු බවත්. මම මෙයට එකඟ නොවෙමින් මට චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළ විට ඇමතිවරයා තහනම පැනෙවුවා.

එයින් අදහස් වෙන්නෙ කිසිදු දක්ෂිණාංශික තර්ජනයක් නොතිබුන බවද?

මට කියන්න පුඵවන් වාරණයට පෙර සති තුළ කිසිදු විවෘත විරෝධතාවයක් ප‍්‍රකාශයට පත්වුනේ නැහැ කියන එක පමණයි. ලෝක සමාජවාදි වෙබ් අඩවිය සමග මම කළ සාකච්ජාවකදී දක්වපු සමහර කරුණු උලුප්පා දක්වමින් එයට එරෙහිව සිංහල අන්ත වර්ගවාදය නියෝජනය කරන මහාචාර්ය නලීන්ද සිල්වා විසින් කිසියම් ආකාරයක කැලඹිලි සහගත තත්වයක් මතුකරන්න උත්සහ කෙරුවා. නමුත් මෙම උත්සහය ව්‍යර්ත වුනා.

චිත‍්‍රපටය සඳහා සමාජයේ නිශ්චිත කොටසක් තුළ වන විරෝධය මෙම ප‍්‍රතිචාරය හරහා පරාවර්තනය වෙන්නෙ නැද්ද?

සත්තකින්ම. වර්ගවාදීන්ගේ දේශපාලනික අරමුණු මේ හරහා හෙළිදරවු වෙනවා. වර්තමානයේ ලංකාවේ සහ ඉන්දියානු උපමහද්වීපය පුරාම අන්ත වර්ගවාදි මූලයන් හිස ඔසවමින් සිටිනවා. නමුත් ඉන්දියාවෙ RSS සහ සිවුසේනා හි අන්ත හින්දුත්වවාදී අදහස් බහුතරයේ අදහස් නෙමෙයි. ඔවුන් කරන්නෙ ජනයාව වාර්ගික සහ ආගමික රේඛාවන් මත ද්‍රැවීකරණය කිරීමයි. රාජ්‍ය විසින් මෙම මූලයන් ජනයාව පීඩනයට පත්කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගනු ලබනවා. ඉන්දියානු චිත‍්‍රපට කාරියක වන දීපා මේතා මෙම පීඩනයට අද මුහුනදී සිටිනවා. මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කෙරෙහි එල්ල කෙරෙන පුඵල් ප‍්‍රහාරයක කොටසක් වශයෙන් පාලක පංතියට අවශ්‍ය කරනවා කලාකරුවන්ගේ ආත්ම ප‍්‍රකාශනය සඳහා වන අයිතිය යටපත් කිරීමට. මෙවැනි තත්වයන් යටතේ තමයි අපි ජීවත් වෙන්නෙ.

ඔබ කොහොමද චිත‍්‍රපටයේ තේමාව තෝරාගත්තෙ?

මෙම චිත‍්‍රපටය පදනම් වන ප‍්‍රජාව කෙරෙහි කිසියම් ආකාරයක වගකීම් සහගත භාවයක් මා තුළ ඇතිවුනා. විශේෂයෙන්ම යුධ කලාපයේ මායිම් ගම්මාන වල ජීවත් වන මිනිසුන් සම්බන්දයෙන්. ඔබ බොහෝවිට දන්නව ඇති උතුරු මැද පලාතෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ආරක්ෂක හමුදාව සඳහා බදවාගනු ලබන බව. චිත‍්‍රපටය රූපගත කරන ස්ථාන බැලීමට ගිය විට මම දැක්ක ඔවුන් මුහුන දෙන ඔවුන්ගේ කර්කශ ජීවන තත්වයන්. මගේ මුල් තිර රචනය ඉවතට දමලා ඔවුන්ගේ ජීවිතය මත පදනම් වූ තිර රචනයක් නිර්මාණය කරන්න මේ විසිනුත් මට බලකෙරුනා. මොවුන්ගේ හඬවල් කොළඹට ඇහෙන්නෙ නැහැ. පාලකයන් අහන්න අකමැති හඬක් මේක. මේ නිසා මේ හඬ ඔවුන්ට ඇසීමට සැලසීමේ වගකීම් සහගතභාවයක් මට ඇතිවුනා.

චිත‍්‍රපටය නරඹන ලද විදේශගත ශ‍්‍රී ලාංකිකයනගේ ප‍්‍රතිචාරය කුමක්ද?

ශ‍්‍ර‍්‍රී ලාංකිකයන් ජීවත්වන ඔස්ටෙ‍්‍රිලියාව, එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල අය චිත‍්‍රපටය නැරඹුවා. එ හැමතැනකදිම ඔවුන් එය හදවතින්ම වැලදගත්තා. චිත‍්‍රපටය ස්විස්ටර්ලන්තයේ ප‍්‍රදර්ශනය කල විට දමිල තරුණියක් මා ලඟට ඇවිල්ල කිව්වා ‘‘ මම ශ‍්‍රී ලාංකිකයෙක්, නමුත් මම අත දරුවෙක් කාලෙ මගේ දෙමාපියන් ඔවුන්ගේ ජීවිතය රැකගැනීම සඳහා ස්විස්ටර්ලන්තයට පලා ආවා, ජීවිතයේ පළමු වතාවට මම අද ලංකාව දැක්කා, දැන් මට පුඵවන් මගේ යහඵවන්ට ලංකාව ගැන පැහැදිළි කරන්න.’’

එය ප‍්‍රදර්ශනය කරන ලද හැම තැනකම සිංහල සහ දෙමළ යන ප‍්‍රජාවන් දෙකේම පොදු ප‍්‍රතිචාරය වුනේ මේකයි. ලංකාවේ යථාර්තය රූපයට නැගීම ලංකාවෙන් බැහැරව වෙසෙන සිංහලයින්ට කම්පනයක් වුවත් ඔවුන් කිසිවිටකත් චිත‍්‍රපටයට එරෙහි වුනේ නැහැ. ඔවුන් මෙම විනාශකාරී යුද්ධය පිළිබඳව වඩා සැළකිලිමත් වුනා වගේම මේ පිලිබදව කල්පනා කරන්න ගත්ත.

යුද්ධය දශක  දෙකකට ආසන්න කාලයක් පුරා ඇදී යනවා. නමුත් ඔබේ චිත‍්‍රපටය හැරුනහම මෙම යුද්ධය කලාත්මක ආකාරයකින් අවංකව ප‍්‍රතිනිර්මාණය කෙරෙන්නෙ කලාතුරකින්. ඔබ මෙය තේරුම්ගන්නේ කෙසේද?

බොහොමයක් කලාකරුවන් දකින්නෙ නැහැ මෙම යුද්ධය කිසියම් ආකාරයකට තමන්ගේම ජීවිත සමග ගැට ගැසී තිබෙනවා කියලා. කෙනෙක්ට තර්ක කරන්න පුඵවන් අපි ගන්න හැම භාන්ඩයකටම ආරක්ෂක බද්දක් ගෙවන්න අපිට බල කෙරිලා තියෙන නිසා අප යුද්ධයට සම්බන්දයි කියලා. සමහරු බොහෝ විට මැසිවිලි නගනවා යුද්ධයත් සමග පැමිණෙන අනෙකුත් ආර්ථික පීඩනයන් පිළිබඳව. නමුත් ඔවුන් මෙයට ඔබ්බෙන් කිසිවක් දකින්නෙ නැහැ. බොහෝමයක් කලාකරුවන්ට යුද්ධය පිළිබඳව පමණක් නෙමෙයි, 1988-1989 කාලයේ හි වුන දක්ශිණාංෂික භීෂණය පිළිබඳවත් පවතින්නෙ අඩු සමාජ සවිඥානිකත්වයක්. මේ නිසා මොවුන්ගෙන් ජනතාවට ප‍්‍රමාණවත් කලාත්මක මානවීයත්වයක් පිරිනැමෙන්නෙ නැහැ. කලාපය තුළ වෙන කිසිම රටක මෙතරම් සමාජමය වේදනාවන් මතුවෙලා නැහැ. පසුගිය වසර 20 කාලය පුරා නිර්මාණාත්මක සිතුවිලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතිතරම් මෙහි තියෙනවා. නමුත් මෙම අත්දැකීම් කලාව තුළ පැහැදිලි කෙරිලා නැහැ. මේක සියඵම කලාකරුවන් විසින් හදුනාගතයුතු අභියෝගයක්.
මම පුරහද චිත‍්‍රපටය නිර්මාණය කරද්දි බැරැරුම් ලෙස කල්පනා කලේ අනෙකුත් ලාංකික කලාකරුවන් ප‍්‍රවේශවී නොතිබුන විෂයක් තුළ මට කල හැකි හොඳම චිත‍්‍රපටය කුමක්ද කියන එකයි. මේ නිසා අන්තර්ජාතික පැසසුමට ලක්විමෙන් පසුවත් මගේ ච්ත‍්‍රපටය තහනමට ලක්වෙද්දි, අනෙකුත් කලාකරුවන් මෙවැනි විෂයක් ස්පර්ශ කිරීමට පැකිලෙන්නෙ හෝ මගහරින්නේ ඇයි කියන එක හිතාගන්න පුඵවන්.

ඔබ හිතනවද ඔබේ චිත‍්‍රපටය වාරණය කිරීම සම්බන්දයෙන් ශ‍්‍රී ලාංකීය කලාකරුවන්ගෙන් කොටසක් දක්වන නීශෙදනීය ප‍්‍රතිචාරය මගින් යුද්ධය සහ රජය විසින්  මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරනු ලබන ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන ඔවුන්ගේ නොසැළකිල්ල ප‍්‍රකාශයට පත්වෙනවා කියලා?

අනිවාර්යෙන්ම. මේ ආකාරයෙන් හෝ වෙනත් ආකාරයකට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් රාජ්‍ය හා ගැට ගැසී සිටිනවා. ඔවුන් හිතන්න පුඵවන් වාරණයට විරුද්ධව ඔවුන් උද්ඝෝෂනය කෙරුවොත් එමගින් ඔවුන්ගේ සුවපහසු ජීවිතයට බාධා පැමිණෙයි කියලා. මේ නිසා ඔවුන් කිසිවක් කිරීමෙන් වැළකී සිටිනවා. ඔවුන්ගේ නිර්මාණාත්මක කාර්යයන් තුළත් මෙම ප‍්‍රවේශය දකින්න පුඵවන්. බොහොමයක් කලාකරුවන් විශේෂ අභිප‍්‍රායන් සහිතව මෙවැනි ආකාරයේ පුද්ගලික ප‍්‍රයෝජනයන් මත පදනම් වෙමින් නිශ්චිත වශයෙන් වැදගත් සහ කේන්ද්‍රීය සමාජ තේමාවන් සමග ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිනවා. එහෙමත් නැත්නම් ස්ව්‍යංවාරණයක් පනවා ගන්නවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s