2010 දෙස ආපසු හැරී බැලීමක්

Posted: December 30, 2010 in ඉතිහාස

තව හෝරා ගණනාවකට පසුව තවත් නව වසරක් උදාවීමට නියමිතය. මේ මෙහොතේ ගෙවී යන මෙම වසර දෙස ආපසු හැරීබැලීම වැදගත් යැයි අපි සිතමු. එලඹෙන වසර ‘සුභ’ කෙසේවෙතත් ‘නව’ වසරක් කරගැනීම සඳහා අප මේ වසරේදී පසුකල සිදුවීම් හා අත්දැකීම් මගින් විකල්ප සිතීමක් වර්ධනය කරගැනීමට උත්සහා කිරීම අනිවාර්්‍ය යැයි අප සිතමු. මෙම වසර මුල නිකුත්වූ ‘ඉතිහාස’ සඟරාවේ සංස්කාරක සටහන අප මෙහි නැවත පලකරන්නේ ලංකාවේ විකල්ප බලවේග විසින් විකල්ප සිතීමක් වර්ධනය කරගැනීමෙහි ඇති වැදගත්කම මතු කිරීම සඳහාය.

දේශපාලන රැලි සුළි සුලං කුණාටු ද මෙයට සමාන්තරව විවිධ දේශපාලන පෙරමුණු ගොඩනැගීම්ද ඒ වේගයෙන්ම බීදී විසිරී යෑම් ද අපේ කාලයේ දේශපාලන අත්දැකීම් බවට පත්ව ඇත. මේ සියඵම කතන්දර අතරින් මිනිසුන් සමාජයක් වශයෙන් සංවිධානය වීම වෙනුවට එකිනෙකා තම තමන්ගේ හුදකලා ගුහා තුලටද, තම තමන්ගේ හුදකලා කුටුම්බ තුලටද රිංගා ගැනීම වේගවත් වී ඇත. ම්නිසුන් ගේ සාමූහික සම්බන්දකම් කුඩා ඒකක, අනු සහ පරමානු දක්වා හැකිලී වාශ්ප වී යමින් පවතින අතරම ජනාධිපතිවරණ සහ මහමැතිවරණද මහා ගෝෂාවන් නගමින් පැවැත්වෙමින් ඇත.
පූර්ව මැතිවරණ සමය තුළ වූ සුවිශේෂත්වය වූයේ පැවති දේශපාලන ධ‍්‍රැවීකරණයන්ට සාපේක්ෂව විකල්ප සමාජ දේශපාලන බලවේගයන්ට තම ආස්ථානය සලකණු කරගැනීමෙහි පැවති අසීරුතාවයයි.
2005 පැවති ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකයන් නියෝජනය කල ප‍්‍රතිපත්ති සහ අපේක්ෂාවන් අනූව පැවති දේශපාලන ධ‍්‍රැවීකරණය ඉතා පැහැදිලි විය. ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ විසින් සිංහල ජාතිකවාදී සහ අන්තවාදී ප‍්‍රතිපත්ති හා අපේක්ෂාවන් නියෝජනය කළ අතර ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ විසින් ධනේශ්වර නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති සහ අපේක්ෂාවන් නියෝජනය කරන ලදී. මොවුන් විසින් නියෝජනය කල අන්ත දෙකටම ප‍්‍රතිවිරුද්ධ ස්වාධීන කලාකරුවන්, බුද්ධිමතුන්, ලේඛකයන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් යුද්ධයට සහ ගෝලීයකරණයට විරුද්ධව සාමූහික හඬක් සලකුණු කරන ලදී. නොවැම්බර් ව්‍යාපාරයේ ආරම්භය සහ පදනම වූයේ මෙයයි.
නමුත් වසර හතරකට පසුව දේශපාලන ධ‍්‍රැවීකරණයන් ගේ ස්වරූපය සම්පුර්ණයෙන්ම කනපිට පෙරලී ඇත. එ් 2005 ජනාධිපතිවරණයේදී සිංහල උත්තමවාදී අපේක්ෂාවන් නියෝජනය කල සිවිල් නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ ට එරෙහිව යුධ ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු වූ මිලිටරි නායකයෙකු තරග බිමට ඉදිරිපත් කිරීමෙනි. තත්වය වඩාත් සංකීර්ණ වූයේ ඉදිරිපත් කෙරුණු ”ජයග‍්‍රාහී” මිලිටරි නායකයා විසින් ප‍්‍රගතිශීලී කදවුරේ බොහොමයක් ජනප‍්‍රිය ප‍්‍රගතිශීලී සටන්පාඨ නතුකරගැනීම හේතුවෙනි. මෙම සන්දර්භය තුළ බොහොමයක් ප‍්‍රගතිශීලී කොටස් හි උබතෝකෝටිකය වූයේ මධ්‍යස්ත විකල්පයක් සලකුණු කර ගැනීමේ අභියෝගයයි. මෙම උබතෝකෝටිකය තුළ බොහෝමයක් ප‍්‍රගතිශීලීන් අවම සමාජ වෙනසක් වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා හට සහය පලකරන්නට විය.
අපගේ විශ්වාසය වන්නේ මෙවැනි දේශපාලන සන්දර්භයක් තුළ අපට මධ්‍යස්ත විකල්පයක් සලකුණු කර ගත හැක්කේ හෝ විවරකරගත හැක්කේ පවතින ධ‍්‍රැවීකරණයන්ට එරෙහිව යෑම තුලින්ම පමණක් බවයි. පවතින ධ‍්‍රැවීකරණයන්ට අනුගතවෙමින් මධ්‍යස්ත විකල්පය සෙවීම වෙනුවට අප කළ යුත්තේ පවතින දේශපාලන ධ‍්‍රැවීකරණයන්ට එරෙහිව යමින් විකල්පය සදහා වූ අවකාශය අප විසින්ම විවර කරගැනීමයි.
පූර්ව ජනාධිපතිවරණ සමය තුළ මෙවැනි ප‍්‍රවේශයන් දෙකක්  ස්ථාන දෙකකදී අපට දැකගත හැකිවිය. මින් එක් අවස්ථාවක් වූයේ ප‍්‍රසන්න විතානගේ, ධර්මසේන පතිරාජ, චන්ද්‍රගුප්ත තේනුවර, ගුණසිරි සිල්වා ඇතුඵ ස්වාධීන කලාකරුවන් සහ ලේඛකයන් විසින් ‘‘ කලාවේ සහ කලාකරුවාගේ වගකීම කුමක්ද?” යන තේමාව යටතේ කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී ජනවාරි 12 වන දින පැවැත්වූ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයයි. මෙම සම්මන්ත‍්‍රණය හරහා කිසිදු කඳවුරක පාක්ෂිකයන් බවට පත් නොවී කලා භාවිතයේ ස්වාධිනත්වය හා ප‍්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් වූ සාමූහික හඬක් සලකුණු කෙරිණි. අනෙක් අවස්ථාව වූයේ වෘත්තීය සමිති හා සමාජ සංවිධාන තිහකට අධික ප‍්‍රමාණයකගේ එකතුවක් වූ කම්කරු අයිතීන් හා මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සංවිධාන එකතුව විසින් ජනවාරි 19 දින කොළඹ කොටුවේ සේවා මුක්ත බට මූලස්ථානයේ පැවැත්වූ සමුඵවයි. මෙහිදී කිසිදු පාක්ෂිකයෙකු පිළිබඳව බලාපොරොත්තු තබාගැනීමක් හෝ කෙනෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටීමක් වෙනුවට කම්කරුවන්ගේ, ගොවීන්ගේ, ධීවරයන්ගේ, මාධ්‍යවේදීන්ගේ සහ කලාකරුවන්ගේ අයිතීන් පෙරදැරි කරගනිමින් කුමන රජයක් යටතේ හෝ මෙම අයිතීන් වෙනුවෙන් පු`ඵල් පෙරමුණක් වශයෙන් අරගල කිරීමට එකඟතාවය පලවිය.
පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුවෙමින් පවතින දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, විවෘත මාධ්‍ය මර්ධනයන් යන සිදුවීම් දාමය හරහා විකල්ප දේශපාලන බලවේගයක අවශ්‍යතාවය සමාජය වෙතින්ම දැඩි ලෙස ඉදිරිපත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, වාමාංශීක කොටස් ඇතුඵ පුඵල් බහුජන පෙරමුණක් ගොඩනැගීමට මෙම තත්වය බලපෑවද මහ මැතිවරණයට අවතීර්න වීමත් සමග මෙම පෙරමුණටද අතීතයේ බොහෝමයක් පෙරමුණු වලට අත් වු ඉරනමම අත්විය. සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගැනීමත් සමග මහ මැතිවරණය තුළ විවිධ බලවේගයන්ගේ විවිධ දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරියට පැමිනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම පෙරමුණද බීදී විසිරී යන්නට විය.
ඉතිහාස තුන්වන කලාපය ඔබ අතට පත්වන්නේ මෙවැනි සුලි සුළං, කුණාටු සහ බීදී විසිර යැම් සහිත දේශපාලන වටපිටාවකයි.
මේ සියලූ සිදුවීම් හරහා අප නැවත නැවතත් අභිමුඛ වන්නේ දිගුකාලීන විකල්ප දේශපාලන පෙරමුණක් සඳහා වන සිහිනය යතාර්ථයක් කරගත හැක්කේ කෙසේද යන ප‍්‍රශ්නයටයි.
මෙම ගැටඵව නිරාකරණය කරගැනීම සඳහා අපගේ අතීත දේශපාලන භාවිතයන් ගැඹුරින් සළකා බැලීම ඉතා වැදගත්ය. මෙයට වර්ථමානය තුළ අප විකල්පය වශයෙන් අර්තකථනය කරගෙන සිටින අර්ථයන් ප‍්‍රති අර්ථකථනය කරගැනීමට සිදුවන බව අපගේ විශ්වාසයයි.
ලංකාවේ ස්ථාපිත ‘ප‍්‍රගතිශීලී විකල්පය’ යන්න පදනම් වී ඇත්තේ ප‍්‍රධාන වශයෙන් මාක්ස්වාදයත් පැරණි සෝවියට් දේශයේ අත්දැකීමත් පදනම් කරගනිමින් සමාජවාදය පිළිබඳ වන අපේක්ෂාවන් සහිතවය. විකල්පය යන්න නැවත අර්ථකතනය කරගැනීම සඳහා ලංකාවේ සමාජවාදය පිළිබඳව පවතින මෙම කතිකාව නැවත නිර්වචනය කරගැනීම අනිවාර්්‍යය.

සංස්කාරකවරු

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s