ඉන්දියානු ජාතික ගීය නිර්මාණය වන්නේ ඉන්දියානු නිදහස් අරගලයේ අවසාන අවදිය තුළයි. එය රචනා කරන ලද්දේ රවීන්ද්‍රනාත් තාගෝර් විසිනි. බෙංගාලි විමුක්ති අරගලය පසුබිමෙහි නිර්මාණය වන මෙය තාගෝර් විසින් රචනා කරනු ලබන්නේ බෙංගාලි බසිනි. මේ තුළ සංස්කෘත වචනද මිශ‍්‍රව ඇත. වැදගත් කාරණය වන්නේ ඉන්දියාව තුළ ප‍්‍රධාන භාෂාවක් නොවන බෙංගාලි භාෂාවෙන් ගැයෙන ඉන්දියානු ජාතික ගීය සමස්ත ඉන්දියානුවන් විසින් කිසිදු කුල මල ජාති භේදයන්ගෙන් තොරව තවමත් එක්ව ගායනා කිරීමයි. ඉන්දියානු නිදහස් අරගලය තුළ වූ සියඵම ඉන්දියානු ජන කොටස් අරගලය සදහා ඇතුලත් කරගැනීමේ ගුණය ඉන්දියානු ජාතික ගීය හරහා තවමත් නිරූපනය වේ.
මෙයට සාපේක්ෂව ලංකාවේ තත්වය ඉතා ඛේදජනකය. අවුරුදු 30 ක යුද්ධයකට පසුව වගකීමක් සහිත රජයක් විසින් කළ යුතු ප‍්‍රධාන කාර්්‍යයක් වන්නේ ජාතිකත්වයන් සදහා වූ පොදු සංඥාර්ථ ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීමයි. ‘පශ්චාත් යුධ සමයක’ ජාතිකත්වයන් සදහා පොදුවේ බෙදා හදා ගතහැකි පොදු සංඥාර්ථයන් පැවතීම එම ජාතිකත්වන් අතර පොදු සහජීවනයක් සහ අන්‍යන්‍යෙ විශ්වාසයක් වර්ධනය වීම සදහා අවශ්‍ය එක් මූලික කොන්දේසියකි. නමුත් වර්තමාන රජය විසින් ජාතික ගීයේ දෙමළ අනුවාදනය ඉවත්කොට එහි සිංහල අනුවාදනය පමනක් නිළ වශයෙන් පිලිගැනීම හරහා සිදුවන්නේ ලංකාවේ ජාතිකත්වයන් සදහා වූ ප‍්‍රධාන පොදු සංඥාර්ථයක් විනාශකර දැමීම හරහා ජාතීන් අතර විශ්වාසය වෙනුවට දැඩි අවිශ්වාසයක් වර්ධනය කිරීමයි.
මේ අනූව 2011 පෙබරවාරි 04 වෙනිදා සමරන ලද ‘ 63 වන නිදහස් සමරුව ’ තුළ වාදනය කෙරුණු සිංහල පමණයි ජාතික ගීය හරහා වර්ධනය කෙරෙන්නේ ජාතීන් අතර සහජීවනය සහ විශ්වාසය නොව අවිශ්වාසය සහ විරසකභාවයයි.
– මෙම වීඩියෝ පටයේ අත්දැකීම අප සමග බෙදාගැනීම සම්බන්දයෙන් ධර්මසිරි බන්ඩාරනායක සහෘදයාට අප ස්තූති වන්ත වෙමු –
ape rata thula jaathika giyawal 2k gayana kirima hari kiyala oba sithanawada??indiyawe 1bhashawakin pamanam jathika giya gayana karanne.ape rate demala walinuth gayana karanna jathika samagiyak goda nagenawada.mehema gon katha kiyanna epa.muslim karaya arabiyenuth illuwoth,ethakota anith jaathinuth egollange bashawen gayana karanna one kiwwoth jathika giya kiyanawata wada wena wadak nathi wei.
anda golu beeri pasalaka daruwo danna tharamwath munta therenne na.
Great video.