Parliament Ground එක….

Posted: May 28, 2011 in කවි

 

 

 

 

 

 

 

 

 

 

 

බෙල්ල කදටම යා වුන මහත දෙහෙත ගෑනු පිරිමි ground එක වටේ දුවමින්,
ඇවිදිමින්, හතිලමින් මෙසේ සිතයි…..
“Cholesterol, fresher, diabetes…
දුවපියව් මාව අතහැර’’

ළගටම යන කල් නොපෙනෙන, අදුරු අහු මුඵ ගස් යට, දෙදෙනා එකා බැගින් පෙනෙන ලෙස
බදා වැළද ගනිමින්, දුවන වුන් ඔවුන් පසු කරන විට මදක් ඈත් වෙමින්, ආපසු හරි බරි ගැහෙමින්
පෙම් සුව විදින පෙම්වතුන් මෙසේ සිතයි….
‘‘ අනේ මුන්ට කාලා තෙල වැඩි වෙලා, මුන් සැප ඇදන් වල පිණුම් ගහලා, මෙතන එනවා අපිට වද දෙන්න’’

පොඩි වුන්ද එහා මෙහා දුවමින්, එකා පිට එකා වැටෙමින් අඩමින්, දගලමින්, කෙළිදෙලෙන් පසු වේ
සතුටින් උන් දෙස බලා කඩල ගොට්ටක් කමින් ඒ දෙමහල්ලන් මෙසේ සිතයි…..
‘‘ හ්ම්… මෙහෙමවත් තැනක් තිබුණා පොඩි උන්ට දගලන්න, නැත්තම් අපි මුන්ව McDonalds, KFC, Water World  ගෙනියන්න කියලද’’

තවද හරි මැදට වන්නට සුව පහසුව අඩු පඩු දිගහරිමින් කොඵ රැළක් අහස දෙස බලා සිටිමින් මෙසේ සිතයි…
‘‘කෝ තාමත් අවේ නැහැනේ, රොකට් එක හදට යන්නට’’ 🙂

බෝල උඩින් ගොස් වැටේ, වටේ උන් ඒවා අල්ලයි දුව දුව, කඵවර වැටුනද උන්ට නොවේ වගක්වත්,දාඩිය පොඵ වගුරවමින් බෝලය පසු පස දුවන එකෙක් මෙසේ සිතයි….
‘‘ෂාහ්… අද නම් හිතේ හැටියට සෙල්ලම් කළා..නැත්නම් අපි ඉන්න පේළි ගේවල් ඇතුලේ ගහයි කි‍්‍රකට්..’’

ඊටත් ටිකක් එහායින් ජලාසයද පසුකර ගිය තැන, දිව සැප වළදමින්ද එකිනෙකා පොර කා ගනිමින්ද, සිටින වුන් රැළෙන් උඩටම වෙන්න සිටින්නෙක්, ඈතට පේන මේ හැම දේ දකිමින් මෙසේ සිතයි….
‘‘කාටත් නොදැනීම මේකත් විකුණලා දාන්න  ඕන කොහේට හරි, අපරාදේ මේච්චර ලොකු ඉඩක්
මුන්ට වටේ දුවන්නයි, පෙම් කෙළින්නයි, ආතල් දාන්නයි..හ්ම්.. පස්සේ ආරන්චි වුනොත් බැරියෑ කියන්න
‘‘ නැගුම’ සදහා විකුණුවාය කියලා’’

සිතුපී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s