ඇමතිවරයාගේ ප‍්‍රකාශය උසස්පෙළ විභාගය අනතුරේ හෙලීමක්

Posted: June 19, 2011 in දේශපාලන

ජනමාධ්‍ය නිවේ දනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ පසුගිය 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී උසස්පෙළ විභාගයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ලබා ගන්නා සේවාව විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ පුහුණුවක් ලැබූ උසස් නිලධාරීන්ගෙන් හා පළපරුදු ගුරුවරුන් යොදවා ලබා ගැනීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමතිවරයා සිදුකරන ලද ප‍්‍රකාශය හරහා පැහැදිළි වන්නේ මෙවර උසස්පෙළ උත්තර පත‍්‍ර ඇගයීම සම්පූර්ණයෙන්ම විශ්වසනීයත්වයකින් තොර අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි. මෙවර උසස්පෙළ විභාගය පැරණි විෂය නිර්දේශය මෙන්ම නව විෂය නිර්දේශයට අනුව පැවැත්වෙන අතර, මේ අනුව මෙවර ඇගයීම් ක‍්‍රියාවලිය ඉතාමත්ම සංකීර්ණ තත්වයක පවතින බවත්, එවැනි අවස්ථාවක ප‍්‍රශ්න පත‍්‍ර සැකසීමේ ක‍්‍රියාවලියේ යෙදුනු විශ්වාවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවට වෙනත් නිලධාරීන් යොදවා උත්තර පත‍්‍ර ඇගයීමට බලාපොරොත්තුවීම සම්පූර්ණයෙන්ම විභාගය අනතුරේ හෙලීමක් බවයි.  
එම නිවේදනයට අනූව  “විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස්පෙළ උත්තර පත‍්‍ර ඇගයීමේදී ප‍්‍රධාන පාලක පරීක්‍ෂක තනතුර සහ ප‍්‍රධාන පරීක්‍ෂක තනතුර දරමින් උත්තර පත‍්‍ර ඇගයීමේ ප‍්‍රධාන අධීක්‍ෂක ක‍්‍රියාවලියේ නිරත වෙති. ප‍්‍ර‍්‍රශ්න පත‍්‍ර සැකසීමේ ක‍්‍රියාවලියේ දී ප‍්‍රධාන කාර්යයක් ඉටු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස්කිරීම, ඇගයීම් ක‍්‍රියාවලියේදී ක්‍ෂණිකව මතුවන ප‍්‍රශ්න වලට උපදෙස් ලබා දෙමින් අවසාන තීරකයා වශයෙන් කටයුතු කිරීම, උතත්ර පත‍්‍ර ඇගයීම් කරන ගුරුවරුන් කැදවා ප‍්‍රධාන රැුස්වීම් වල උපදෙස් දීම, අවසාන ලකුණ තීරණය කිරීම මෙන්ම ප‍්‍රශ්න පත‍්‍ර නැවත සමීක්‍ෂණය කිරීමේ කාර්යයද ප‍්‍රධානත්වය ගෙන කටයුතු කරති.”
ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කරන්නේ මෙවැනි භාරදූර කටයුතු වෙනත්නිලධාරීන් හෝ විශ‍්‍රාම ගිය ගුරුවරුන් යොදවා සිදු කළ නොහැකි බවත්, උසස් පෙළ විභාගය දකුණු ආසියාවේ විශ්වසනීයත්වයකින් යුතු විභාගයක් බවට පත්ව ඇත්තේ ද විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ මෙම සෘජු මැදිහත් වීම නිසා බවයි. මෙවැනි පසුබිමක විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් මෙම කටයුත්තට සම්බන්ධ නොවන්නේ නම් ගුරුවරුන් විශ්වවිද්‍යාල ආචාර්වරන් සිදුකරන කටයුතු නොකරන බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකමි ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශකර සිටියේ තමන් මේ වනවිටත් ගුරු සංගම් රාශියක් සමග එක්ව විශ්වවිද්‍ර්‍යාල ආචාර්යවරුන්ගේ සමීති සම්මේලනය සමග සාකච්ජා කර ඇති බවත්, එහිදී ඔවුන්ගේ අරගලයට තමන් සහාය දෙන බව ඔවුන් ප‍්‍රකාශ කර ඇති බවයි.  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s