ජූලිය ස්මරණයන්ගේ මාසයයි….

Posted: July 5, 2011 in ක‍්‍රියාකාරකම්
ජූලි මාසය යනු ලාංකීය දේශපාලනයේ යම් ප‍්‍රධාන හැරවුම් ලක්ෂයන් සදහා පදනම සැපයූ සිදුවීම් රාශියක් සලකුණු වූ මාසයකි.
ජූලිය යනු දහස් ගණනක් මිනිසුන්ගේ විලාපයන්, වේදනාවන් සහ සුසුමන් දරා ගත් මාසයකි. 1983 කඵ ජූලියට ගොදුරු වූ සිය ගණනක් අහිංසක දෙමළ මිනිසුන්ගේ විලාපයන් සහ වේදනාවන්ද, දහස් ගණනක් වැඩ කරන ජනයා රැකියා වි්‍යුක්තිකයන් බවට පත්කෙරුනු ජූලි වැඩවර්ජකයින්ගේ වේදනාකාරී අත්දැකීම්ද කැටි කරගත් ජූලි මාසය වෙත අප නැවත පිවිස සිටිමු.
ඉතින් ‘කලූ ජූලියේ’ කලූ මතකයන් සංඛේතවත් කරගනිමින් ලාංකීය ඉතිහාසය තුළ සිදුවූ සියඵම මර්ධනයන්, යටපත්කිරීම් සහ ඝාතනයන් ස්මරණය කිරීමේ මාසයක් බවට ජූලිය පත්කරගමු.
වාර්ගික කෝපයේ ප‍්‍රථම ගොදුර බවට පත්වූ අහිංසක දෙමළ වැසියාගේ සිට කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ අරගලය වෙනුවෙන් දිවි පිදූ රොශේන් චානක නැමති සිංහල තරුණයා දක්වා වූ සියඵම මිනිසුන් ගේ ජීවිත ස්මරණය වෙනුවෙන් අප මෙම ජූලිය වෙන් කරමූ…
ඉතින් මෙම ස්මරණය සදහා ඔබේ දායකත්වය සටහන් කරන්න….
එය ලිපියක්, කවියක්, චිත‍්‍රයක්, ජායාරූපයක්, කාටූනයක්, කෙටි චිත‍්‍රපටයක්, වාර්ථා චිත‍්‍රපටයක්, සංකල්පනාවක් හෝ තම අත්දැකීමක් ප‍්‍රකාශ කිරීම හරහා විය හැකිය. වැදගත්වන්නේ උපායික දේශපාලන අරමුණු වලින් තොර වූ  එවැනි අව්‍යාජ සටහන් කිරීම්ය.
සිංහල සමාජය තුළ නිදන්ව පවතින වාර්ගික කෝපයත් සිංහල කේන්ද්‍රීය රාජ්‍යත් අතර වන ව්‍යුහාත්මක සම්බන්දය අමතක කරමින් සෑම සිංහලයකුම වරදකරුවකු වශයෙන් නම් කිරීම යුක්ති සහගත නොවන බවද අප පිළිගනිමු. මේ මොහොතේ හෘද සාක්ෂියක් සහිත සිංහලයින් ගේ අව්‍යාජ සලකුණු කිරීම් සහ මැදිහත්වීම් සුවිශේෂ වන්නේ අපේ සැබෑ උරුමය තුළ වූ වටිනාකම් හා හරපද්ධතීන් ඒ හරහා ඉස්මතු කිරීමට අවකාශ සලසන බැවිනි. එය තව දුරටත් ශීෂ්ඨ සම්පන්න සමාජයක් සදහා වන දායකවීමක්ද වනු ඇත.
රාජ්‍ය බලය ලබා ගැනීමෙන්, පක්ෂ, කණ්ඩායම් හෝ පුද්ගල බල ව්‍යාපෘති දිනවීමෙන් සමාජයක් ශිෂ්ඨසම්පන්න කළ නොහැකි බවට ඉතිහාසය යළි යළිත් සනාත කොට ඇත. අප අපව ගැඹුරු පරිවර්ථනයකට ලක්කර ගනිමින් සමාජය සදහා කරණු ලබන අව්‍යාජ මැදිහත්වීම් වලින් පමණක් ශිෂ්ඨසම්පන්න සමාජයක් බිහිවනු ඇත. බුදුන්ගේ බෝදිසත්ව සංකල්පය තුල වූයේද මෙම සමාජ විමුක්තිකාමී හරයයි.

………………………………………………………………………………………………………………………………………………………………………..

මේ එලැඹ ඇත්තේ අතීතයේ විලාපයන්ගේ මතකයන් මිහිදන් කල මාසයකි…
-කුසුම් සජීව ප‍්‍රනාන්දු
ඔබ දැඩි කම්පනයකට පත්ව සිටී, දෑස් නිලංකාර වී සිදු වූයේ කුමක්ද? සිදුවන්නේ කුමක්ද? සිදුවීමට ඉඩ ඇත්තේ කුමක්ද? යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව ඔබ අන්දමන්දව සිටී. ඔබ වටා උසුළු විසුළු කරමින් සැරි සරන්නේ මරණයයි. තවම ඔබ මියගොස් නැත. මව… පියා… දරුවන්… බිරිද… පෙම්බරයින්… යාළුමිත‍්‍රාදීන් කව්රුන් ජීවත්වෙනවාද නැත්නම් ඔවුන් ගෙන් කව්රු තවදුරටත් ජීවත් නොවන ජීවත් වූ අයවළුන් බවට පත්ව ඇද්ද? කොටින්ම ඔවුන් ජීවත්වෙනවාද නැතිනම් මියගොසින්ද? ලේ හැමතැනම… මනස තුල තවමත් සැරිසරන්නේ දන්නා නොදන්න කාගේ හෝ අවසානය සනිටුහන් වන මොහොතේ අරමුණකින් තොරව තැබූ විලපයන්ගේ දෝංකාරය පමණි. ඒ අදෝනාව විසින් ඔබව අවදිකර ඇත…
ඔබ සිහිනයකින් අවධිව පියවි ලෝකය වෙත පිවිසුනේ නම් තව සුළු මොහොතකින් ඔබ ප‍්‍රකෘතිමත් වනු ඇත. ඔබ අවදි වූයේ කෑ ගසා නම්, පෙර සිහිනය තුල ඔබ තවමත් ජීවත් වන්නේද නොවන්නේද යන දෙගිඩියාවෙන් යුතුව ඔබගේ මව… පියා… දරුවන්… බිරිද… පෙම්බරයින්… යාළුමිත‍්‍රාදීන් කව්රුන් හෝ ඔබ අස් වැසීමට පැමිණෙනු ඇත. ඔබට ඔබගේ කම්පනය ඔවුන් හා බෙදාගත හැක. දැන් බියකරු සිහිනය අවසන්ය, දෙවියන් සිහි කර වතුර උගුරක් බී යළිත් නිදි දෙව්දුව වැළද ගන්න. අවැසිනම් ඇය හා රමණයේ යෙදෙන්න… කාගෙන්වත් බාධාවක් නැත…
නමුත් ඔබ පිවිසුනේ සැබැවින්ම යථාර්තය වෙතට නම්…. කෑ ගැසීමේ ප‍්‍රතිඵලය පවා භයානක වීමට පුළුවන. ඔබ වයසින් මුහුකුරා ගිය අයෙකු වුවත් ඉකි ගසමින් කාටත් හොරා ඇඞීමට සිදුවී ඇත. තම පෙම්බරයින් සමග මරුතුරුලට යනවාද? ඔවුන් එකෙකු හෝ සොයාගන්නවද? නැතිනම් ඔබ අසුවුවහොත් සමහරවිට ඔබ………… ඔබ අස්වැසීමට කව්රුවත් නැත. ඊයේ ඔබ හා ආදරෙන් සිනාසුන අසල්වැසියන්  ඔබව සොයමින් මරු විකලෙන් සිනාසෙයි. ඔබගේ කම්පනය……. ඒ බියකරු සිහිනය ඔබගේ ජීවිතය පවතින තෙක් අවසන් වේවිද? නැවත කිසිදා සැනසිල්ලේ ඔබහට වතුර උගුරක් බීමට හැකිද? ඔබට ඔබගේ පාඩුවේ විසීමට කිසිවෙක් ඉඩ දෙයිද? ඔබගේ ජන්මය ඔබට මරණ වරෙන්තුව ලියා ඇත… එය සිදුවන මොහොත වන තෙක් එය කෙසේ සිදුවේදැයි දෙවියන්වත් නොදනී…
බි‍්‍රතාන්‍ය යටත්විජිත වාදීන් විසින් සිතියම් ගතකොට 1948 දී අපට නැවත භාර දුන් ‘ලංකාව’ සැකයේ, වෛරයේ සහ භේදයේ බීජයන් වැපුරූ ‘ඒකීය ලංකාවක්’ විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රාණඝාතය තියා ඒ ගැන  සිතීමටවත් බිය වූ සිංහල සමාජය එහි සිංහල දේශපාලන නියෝජිතයන්ගේ මෙහෙයවීම යටතේ මිනිස් දඩයමට අවතීර්ණ විය. වෛරයෙන් වෛරය නොසන්සිෙ`ද් යන්න විශ්වාස කලවුන් කෙමෙන් කෙමෙන් ඇහැට ඇහැක් දක්වා දිශානත විය. සහෝදරයින් ලෙස විසූ ජාතීන් දෙකක් එකිනෙකා මරා ගැනීම දක්වා ගමන් කිරීම මෙහි ප‍්‍රතිඵලය විය. තමන්ගේ අසල්වැසි දෙමළා මරා දැමීමෙන් නොනැවතුණු ඔවුන් තමන්ගේම දරුවන් මරා ඔළු පේරාදෙණි වටරවුමේ කම්බි වල ගැසීමේ සිට ටයර් සෑයවල් ඉදිකිරීම දක්වා මිලේච්ඡු විය. පසුව ඒවා දේශපාලන බලය වෙනුවෙන් ගොඩට ගෙන විකිණීමටද පසුබට නොවීය. මේ එලැඹ ඇත්තේ අතීතයේ විලාපයන්ගේ මතකයන් මිහිදන් කල මාසයකි… තමන්ගේ නමට පමණක් නොව හෘද සාක්‍ෂියටද ඉදිරියෙන් දැවැන්ත කලූ පැල්ලමක් දමාගත් මේ මාසය අපි කලූ ජූලිය යනුවෙන් හදුන්වමු. අද මිනිස් ඝාතනයන් ගැන ප‍්‍රවෘත්තියක් නොමැති දවසක් නොමැති තරම්ය… පන්සිල්පද පහෙන් පළවෙනි ශික්‍ෂාපදය වචනයකට සීමා වී ඇත. ඒ මේ කලූ අතීතයේ වර්තමාන උරුමයයි…
අපි ඔබගේ පපුවට තට්ටුකර ඔබ කව්දැයි ඇසීමට වෙර දරමු.. ඒ ඔබට රිදවා කාළකණ්නි සතුටක් ලැබීමට නොව, අනාගතය විලාපයේ දෝංකාරයෙන් ගලවා ගැනීමටය… මිලේච්ඡුත්වය ඉදිරියේ කිසිවකුත් ශිෂ්ඨ නැත. එයට වසර දෙදහස් ගණනක පෞඩ ඉතිහාසයකින් වැඩක් නැත…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s