
කටුස්සෝ
උඹට මතකද
සද්දන්ත අලි ඇතුන්
උඹට පැරදිච්ච කතාවක්
සොඬ අකුලා
කන්තල ද වාලධිය
දෙපරන්දෙ ගන්වා
පැරද පසුබැස ගිය
කතාවක්
අමතකත් ඇති
මයෙ හිතේ …….?
මොකද ඒ
කතාවක්
කතාවක් නැතිවම දවසක
ඇවිත් සිටියේ ඇතු දොරකඩ
දළ දෙක ම මැදගෙන
ගහට ගහටා දුහුවිල්ල
කවද හරි දවසක
හීන්සැරයට වඩා
මහා ලොකු කතාවක්
ලියන්නට සිතා සිටි
මගේ පොඩි කාමරේ
පාගලා දානකොට
බුත්සරණත් දමනය වුණා
හිස පහත් කර දණ නමාගෙන
කටුස්සන් වගේ
විසිවෙලා වැටෙන කොට
හුනෙක්වත් නැති වුණා
අපේ හයියට
ඉතිපීසෝවත් කියා ගන්නට
ඉස්සර
අලි ගොම්බෙට්ටක් තරම්වත් කල්
අල්ලලා නොහිටි එක පුදුමද ?
දන්ත ධාතුවත්
කරේ ගහගෙන
මේ දැන් රහත් වුණු සේ
වඩින කොට
කටුස්සෙකුගේ කරේ
රත්තරන් බඳින එක ගැන
සිනා නොගියා නම් තමයි පුදුම ය.
– ලක්‍ෂාන් මධුරංග වික‍්‍රමරත්න –