Archive for the ‘අග්නීමා’ Category

Advertisements

ඉන්දියානු ජාතික ගීය නිර්මාණය වන්නේ ඉන්දියානු නිදහස් අරගලයේ අවසාන අවදිය තුළයි. එය රචනා කරන ලද්දේ රවීන්ද්‍රනාත් තාගෝර් විසිනි. බෙංගාලි විමුක්ති අරගලය පසුබිමෙහි නිර්මාණය වන මෙය තාගෝර් විසින් රචනා කරනු ලබන්නේ බෙංගාලි බසිනි. මේ තුළ සංස්කෘත වචනද මිශ‍්‍රව ඇත. වැදගත් කාරණය වන්නේ ඉන්දියාව තුළ ප‍්‍රධාන භාෂාවක් නොවන බෙංගාලි භාෂාවෙන් ගැයෙන ඉන්දියානු ජාතික ගීය සමස්ත ඉන්දියානුවන් විසින් කිසිදු කුල මල ජාති භේදයන්ගෙන් තොරව තවමත් එක්ව ගායනා කිරීමයි. ඉන්දියානු නිදහස් අරගලය තුළ වූ සියඵම ඉන්දියානු ජන කොටස් අරගලය සදහා ඇතුලත් කරගැනීමේ ගුණය ඉන්දියානු ජාතික ගීය හරහා තවමත් නිරූපනය වේ.

මෙයට සාපේක්ෂව ලංකාවේ තත්වය ඉතා ඛේදජනකය. අවුරුදු 30 ක යුද්ධයකට පසුව වගකීමක් සහිත රජයක් විසින් කළ යුතු ප‍්‍රධාන කාර්්‍යයක් වන්නේ ජාතිකත්වයන් සදහා වූ පොදු සංඥාර්ථ ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීමයි.  ‘පශ්චාත් යුධ සමයක’ ජාතිකත්වයන් සදහා පොදුවේ බෙදා හදා ගතහැකි පොදු සංඥාර්ථයන් පැවතීම එම ජාතිකත්වන් අතර පොදු සහජීවනයක් සහ අන්‍යන්‍යෙ විශ්වාසයක් වර්ධනය වීම සදහා අවශ්‍ය එක් මූලික කොන්දේසියකි. නමුත් වර්තමාන රජය විසින්  ජාතික ගීයේ දෙමළ අනුවාදනය ඉවත්කොට එහි සිංහල අනුවාදනය පමනක් නිළ වශයෙන් පිලිගැනීම හරහා සිදුවන්නේ ලංකාවේ ජාතිකත්වයන් සදහා වූ ප‍්‍රධාන පොදු සංඥාර්ථයක් විනාශකර දැමීම හරහා ජාතීන් අතර විශ්වාසය වෙනුවට දැඩි අවිශ්වාසයක් වර්ධනය කිරීමයි.

මේ අනූව 2011 පෙබරවාරි 04 වෙනිදා සමරන ලද  ‘ 63 වන නිදහස් සමරුව ’ තුළ වාදනය කෙරුණු සිංහල පමණයි ජාතික ගීය හරහා වර්ධනය කෙරෙන්නේ ජාතීන් අතර සහජීවනය සහ විශ්වාසය නොව අවිශ්වාසය සහ විරසකභාවයයි.

– මෙම වීඩියෝ පටයේ අත්දැකීම අප සමග බෙදාගැනීම සම්බන්දයෙන් ධර්මසිරි බන්ඩාරනායක සහෘදයාට අප ස්තූති වන්ත වෙමු –

TO BE CONTINUED

Posted: August 9, 2010 in අග්නීමා

ගිනිසි`ඵව රැුගත් මිනිසා හෙවත් අග්නීමා කන්තලේ දී  තම සප්ත ස්වරය නැවත දල්වන්න සූදානම්. එ් එලඹෙන අගෝස්තු මස 12 වෙනි දින තරුණ දිනයෙදි කන්තලේ නගරයේදි.
කාලයක් නිහඬව බලා සිටි අග්නීමා තාරක, තුමාරා හා චින්තක ද සමගින් නැවතත් සුපුරුදු ලබැදියාවෙන් සිංදු කියන්නට, ගී තනු දමන්නට සංගීතයට වචන එකතු කරන්න පෙර ලෙස සූදානම් වෙද්දී, අපට හමුවු අපේ් මිත‍්‍රයා වන ධම්ම ද අග්නීමා සමග ගිනිසි`ඵව  රැුගෙන යන්නට අප හා සම්බන්ධ විය.
ධම්ම  සිය බෙරයත් කරේ දාගෙන පුහුණුවීම් වලට එද්දී, මට මතක් වෙන්නෙ අපගේ සුන්දර අතීතයයි. අතීතය ද අපටම අයිති දෙයක් වන බැවින් එය කිසිසේත් වර්තමානයේ දී අමතක කර දැමිය නොහැක. අතීතයේ දී ගිනිසි`ඵව රැුගෙන යන විට හමුවු දේ බොහෝමය. එ් තුළ බාධක, නොයෙක් අපහසුතාවයන්  මෙන්ම ගැනිය නොහැකි හැකියාවන් හා ශක්තීන් ද විය.
පසුගිය කෙටි අතීතය ගෙවී ගොස් ඇත්තේ සමාජයක් ලෙස අපට බොහෝ දේ ලබාදෙමින් නොව බෙහෝ දේ අහිමි කරමිනි. මේ තුළ අපට හිමි කර දී ඇති එකම දෙය වී ඇත්තේ අහිමි කිරීම් පිළිබඳ වූ අත්දැකීම් ගොන්නක් පමණකි. මෙම අත්දැකීම් හරහා අපට නැවත නැවතත් සිහිගන්වන පාඩම වී ඇත්තේ සිදුවීම් ඉදිරි පිට තව දුරටත් නිහඬ පේ‍්‍රක්ෂකයින් වීමේ වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ අපටම බවයි.

අරගෙන යන විට උන් ඇවිදින් සමාජ වාදීන්

බලා සිටියා මම නිහඬව මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින් කම්කරු නායකයින්

බලා සිටියා මම නිහඬව මම උන්ගෙන් කෙනෙකු නොවේ

අරගෙන යන විට උන් ඇවිදින් යුදෙව් ජාතිකයන්

බලා සිටියා මම නිහඬව මම උන්ගෙන් කෙනෙකු නොවේ

අන්තිමේදි උන් එනකොට අරගෙන යන්නට මා

කවුරුත් නෑ හිටියේ මට

හිටියේ මම තනියම

මේ ජර්මානු පූජකවරයෙකු වූ මාටින් නිමොලර් ගේ වචනයි. මෙම වචන මගින් ඔහු ප‍්‍රකාශ කලේ ජර්මානු ෆැසිස්ට්වාදය දෙස නිහඬව බලාසිටීම තුළ වූ ඔහු ගේ ඉරණමයි.
ඉතිං අපි හිතුවා එලඹෙන ලෝක තරුණ දිනයේදි ගිනි සි`ඵව රැුගත් මිනිසාගේ ගිනිසි`ඵව නැවත දල්වන්න. තරුණ දිනයට වෙනස් අර්ථයක් දෙන්න. විද්‍යුත් නාලිකා මගින් තාරුණ්‍යයේ රිද්මය බවට පත්කර ඇති සරල රේඛීය රිද්මය වෙනුවට අපේ සැබෑ රිද්මයට හඬක් දෙන්න.
කන්තලේ සහයෝගීතා පදනමේ මිතුරු මිතුරියන් සමග එකතු වෙලා තමයි අපි අගෝස්තු 12 වෙනිද ලෝක තරුණ දිනය සමරන්නෙ සහ එයට නව අර්ථයක් දෙන්න උත්සහ කරන්නෙ. මෙදිනම කෙටි චිත‍්‍රපට උළෙලකුත් පවත්වන්න කටයුතු යොදල තියෙනවා.

අග්නීමා වෙනුවෙන්
ජයාන් පතිරණ

ඉතාම සුඵ පිරිසක් විසින් සමස්ත ලෝකයම පාලනය කිරීමට කුමන්ත‍්‍රණයක ස්වරුපයෙන් අධිකාරීත්වය ක‍්‍රියාත්මක වෙද්දී එහි පොදු ජනයාට නිරාවරණය වු මුහුණතක් වන ලෝක වෙළද සංවිධානයට එරෙහි ගෝලීයව බිහි වූ පොදු ජන ව්‍යාපාරයන්ගේ පිළිඹිබුවක් වන ලෝක සමාජ සමුඵව විසින් ශ‍්‍රී ලංකාවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙහි දී තම වාර්ෂික සමුඵව සමරද්දී අපගේ තරුණ ජිවිත හා සම්බන්ද සුවිශාල සිදුවීමක් සිදු විය.
‘‘අග්නීමා’’ එනම් ‘‘ගිනිසි`ඵව අතින් ගත් මිනිසා එදින වේදිකාවට අවතීර්ණ විය. ‘‘අග්නීමා’’ එනම් අපගේ සංගීත කණ්ඩායම යි.
දේශපානය තුල මෙන්ම සංගීතය තුලද නිර්මාණශිලිව ක‍්‍රියාත්මක වෙන්න පටන් අරන් අපිට වැඩි කාලයක් ගත වෙලා තිබුනේ නෑ. මෙ වන විටත් අපි කිහිපදෙනෙක් හමුවෙලා සංගීත කණ්ඩායමක් ගොඩනැංවීම පිළිබද මුලික කථා බහක් ආරම්භ කරලා තිබුනේ. එහි ප‍්‍රවේශය අවේ නෙවිල්ගෙන්,
අප හා හා පුරා කියා මුහුණ දුන්නේ සුවිසල් ෙවිදීකාවකට ය. පේ‍්‍රක්ෂකාගාරය හා ගී ගයන අප අතර වන පරතරය තුල අත්මීය මෙන්ම එලෙසම විප්ලවීය ද වු බිය මුසු සුන්දර අවකාශයක් විය…
අවකාශයක ගි ගයන්න පැරකුම් අපිට ගෙනාපු යෝජනාව හින්දා අපිට සිද්ද වුනා වඩා පිළිවෙලට යම්කිසි ප‍්‍රතිඵලයක් ඇතිව ඉදිරියට යන්න අපි ගොඩාක් කථා කළා, රණ්ඩු වුණා, පැරා අපිට සිංදු ලිව්වා, අපි මෙලඩි හැදුවා ඒවායේ දේශපාලනය කථා කලා.
නොවැම්බර් ව්‍යාපාරය හින්දා එකතුවුන අපි දිවයිනේ විවිධ පලාත්වල අය අපි එකිනෙකාගෙන් වෙනස්, එකිනෙකාට ආගන්තුකයි කියලා හිතෙන අපේම ජිවිත වල හාමනි එක ඒ ‘ගිනිසි`ඵ අතින් ගත් මිනිසා’ වයන්නට පටන් ගත්තා. මට හොදට මතකයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක ශිෂයන් සාමුහිකව අපිත් එක්ක එකතුවෙලා කොළඹ නගරයේ ආගන්තුක බව අමතක කරපු හැටි…
එන්න කදුකරයට
මල් පිපෙන
කුරුල්ලන්ද ගී ගයන
පොලිසීය නැති
ආදරය ඇති
එන්න කදුකරයට
අජිත් පැරකුම් අපේ සංගීතයට කථා කරන්න වචන එකතු කලා. අපි ඉදිරියෙන් විශ්වාසකමින් බැදුනු පේ‍්‍රක්ෂකාගාරයක්… ඔවුන් අපිත් එක්ක ඒ ගමන යන්න ලැස්ති වෙලා හිටියා. අපි දිගටම මහන්සි වුනා… ගොඩක්. හැම සති අන්තයකම තාරක අනුරාධපුරයේ ඉදලා දේවල් ගොඩක් අරගෙන කොළඹ එනවා. තුමාරා වැව කණ්ඩිය දිගේ, ජිවිතේ සැහැල්ලූවයි කටහඬේ මිහිරියාවයි එකතුකරගෙන ‘අග්නීමා’ ලගට එනවා…..
ඉතින් අතිශයින් වාණිජකරණය වු කලා ක්‍ෂේත‍්‍රය තුල ඊට විකල්පව පොදුජන සංස්කෘතික කි‍්‍රයාවලියක් විදියට, ඉතාමත් විධිමත්ව, සහ ප‍්‍රායෝගිකව ගොඩ නැගුණු වැඩ සටහනක් වු පරාක‍්‍රම නිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන ජන කරලිය සංස්කෘතික වැඩසටහන මගින් තබුත්තේගම ප‍්‍රදේශයේ පවත්වන ලද ඔවුන්ගේ වැඩ මු`ඵවක අංගයක් ලෙස ‘අග්නීමා’ හී ගිනිසි`ඵව එහි රැුගෙන යන්නට අපට ආරාධනාවක් ලැබුණී. එය සංගීතය තුල මෙන්ම පොදු ජන ක‍්‍රියාවලීන් තුලද අතිශයින්ම ආධුනික වු අපිට අපගේ ජිවිතයේ අභියෝගාත්මක මෙන්ම, තීරණාත්මක මොහොතක්ද විය. දහසකට අධික පේ‍්‍රක්ෂකාගාරයක් ඉදිරියේ අප අදිෂ්ඨාන සහගතව අපගේ ආදුනිකත්වය අමතක කර දැමුවෙමු. ඒ සුන්දර මොහොත ‘අග්නීමා’ වෙනුවෙන් බොහෝ දේ එකතු කලේය.
බලාපොරොත්තු සහ මිතුරන් ගොන්නක් සමගින් ‘අග්නීමා’ දැඩි පන්නරයකින් යුතුව ගම් දනව් සිසාරා ඇවිද යන්නට විය.
එම දිගු ගමන යෑම සදහා වසා, මධුවන්ත, චින්තක ‘අග්නීමා’ සමග සහෝදරත්වයෙන් එකතු විය. මධුවන්තගේ බෙර හඩත්, වසාගේ ආදරණිය ගී රාවයත්, චින්තකගේ ගිටාරයත්, අනුරාධාගේ සම්බන්ධිකරණයත්, මේ සියල්ලගේ කැපවීමත් නිසා ගිනිසි`ඵව තවත් උනුසුම්ව දැල්වුණි.

අග්නීමා වෙනුවෙන්
ජයාන් පතිරණ