Archive for the ‘කවි’ Category
කුරුලෑව තනි ගිනි කන්ද සේ
උඹේ මුහුණේ කැළැල් නැසුමට
පෙරුම් පුරලා පුයර ලතු ගා
යටගිය දවසක යටගිය පැල්ලම්
සිදුරු වී ගිය තැලී ඇද වුණ
ලප පිරුණු අතීතයේ නටඹුන්

කටුස්සෝ
උඹට මතකද
සද්දන්ත අලි ඇතුන්
උඹට පැරදිච්ච කතාවක්
සොඬ අකුලා
කන්තල ද වාලධිය
දෙපරන්දෙ ගන්වා
පැරද පසුබැස ගිය
කතාවක්
අමතකත් ඇති
මයෙ හිතේ …….?
මොකද ඒ
කතාවක්
කතාවක් නැතිවම දවසක
ඇවිත් සිටියේ ඇතු දොරකඩ
දළ දෙක ම මැදගෙන
ගහට ගහටා දුහුවිල්ල
කවද හරි දවසක
හීන්සැරයට වඩා
මහා ලොකු කතාවක්
ලියන්නට සිතා සිටි
මගේ පොඩි කාමරේ
පාගලා දානකොට
බුත්සරණත් දමනය වුණා
හිස පහත් කර දණ නමාගෙන
කටුස්සන් වගේ
විසිවෙලා වැටෙන කොට
හුනෙක්වත් නැති වුණා
අපේ හයියට
ඉතිපීසෝවත් කියා ගන්නට
ඉස්සර
අලි ගොම්බෙට්ටක් තරම්වත් කල්
අල්ලලා නොහිටි එක පුදුමද ?
දන්ත ධාතුවත්
කරේ ගහගෙන
මේ දැන් රහත් වුණු සේ
වඩින කොට
කටුස්සෙකුගේ කරේ
රත්තරන් බඳින එක ගැන
සිනා නොගියා නම් තමයි පුදුම ය.
– ලක්‍ෂාන් මධුරංග වික‍්‍රමරත්න –
බෙල්ල කදටම යා වුන මහත දෙහෙත ගෑනු පිරිමි ground එක වටේ දුවමින්,
ඇවිදිමින්, හතිලමින් මෙසේ සිතයි…..
“Cholesterol, fresher, diabetes…
දුවපියව් මාව අතහැර’’
ළගටම යන කල් නොපෙනෙන, අදුරු අහු මුඵ ගස් යට, දෙදෙනා එකා බැගින් පෙනෙන ලෙස
බදා වැළද ගනිමින්, දුවන වුන් ඔවුන් පසු කරන විට මදක් ඈත් වෙමින්, ආපසු හරි බරි ගැහෙමින්
පෙම් සුව විදින පෙම්වතුන් මෙසේ සිතයි….
‘‘ අනේ මුන්ට කාලා තෙල වැඩි වෙලා, මුන් සැප ඇදන් වල පිණුම් ගහලා, මෙතන එනවා අපිට වද දෙන්න’’
පොඩි වුන්ද එහා මෙහා දුවමින්, එකා පිට එකා වැටෙමින් අඩමින්, දගලමින්, කෙළිදෙලෙන් පසු වේ
සතුටින් උන් දෙස බලා කඩල ගොට්ටක් කමින් ඒ දෙමහල්ලන් මෙසේ සිතයි…..
‘‘ හ්ම්… මෙහෙමවත් තැනක් තිබුණා පොඩි උන්ට දගලන්න, නැත්තම් අපි මුන්ව McDonalds, KFC, Water World ගෙනියන්න කියලද’’
තවද හරි මැදට වන්නට සුව පහසුව අඩු පඩු දිගහරිමින් කොඵ රැළක් අහස දෙස බලා සිටිමින් මෙසේ සිතයි…
‘‘කෝ තාමත් අවේ නැහැනේ, රොකට් එක හදට යන්නට’’ 🙂
බෝල උඩින් ගොස් වැටේ, වටේ උන් ඒවා අල්ලයි දුව දුව, කඵවර වැටුනද උන්ට නොවේ වගක්වත්,දාඩිය පොඵ වගුරවමින් බෝලය පසු පස දුවන එකෙක් මෙසේ සිතයි….
‘‘ෂාහ්… අද නම් හිතේ හැටියට සෙල්ලම් කළා..නැත්නම් අපි ඉන්න පේළි ගේවල් ඇතුලේ ගහයි කි‍්‍රකට්..’’
ඊටත් ටිකක් එහායින් ජලාසයද පසුකර ගිය තැන, දිව සැප වළදමින්ද එකිනෙකා පොර කා ගනිමින්ද, සිටින වුන් රැළෙන් උඩටම වෙන්න සිටින්නෙක්, ඈතට පේන මේ හැම දේ දකිමින් මෙසේ සිතයි….
‘‘කාටත් නොදැනීම මේකත් විකුණලා දාන්න ඕන කොහේට හරි, අපරාදේ මේච්චර ලොකු ඉඩක්
මුන්ට වටේ දුවන්නයි, පෙම් කෙළින්නයි, ආතල් දාන්නයි..හ්ම්.. පස්සේ ආරන්චි වුනොත් බැරියෑ කියන්න
‘‘ ‘නැගුම’ සදහා විකුණුවාය කියලා’’
සිතුපී
‘‘ සෝමෝසා විසින් සෝමෝසා ක‍්‍රීඩාංගනයේදී සෝමෝසා පිළිරුව විවෘත කරනු ලැබීය’’
ප‍්‍රවෘත්තියක්. 24
නුඹ විසින් මා වෙනුවෙන්
මේ පිළිරුව තනන ලදැයි නොසිතමි මම්
මා අණ දුන් බව
එය තනවන්නට
මා දන්නා බැවිනි.
වැජඹෙමිය ද අනාගත පරපුර තුළ,
මේ පිළිරුවෙන්
නැත මායාවක් ම’සිත
දනිමි මම යම් දිනෙක
ජනතාව විසින් මෙය
බිම හෙලා දමන බව.
මා මියගිය පසු
නුඹ මා වෙනුවෙන්
නොතනන මේ සමරුව
‘‘ ජීවිත සමය තුළම
තනවා ගනවි යැයි’’
සිතුවා ද නොවේ.
තැනවූයේ මා එය
දන්නා බැවිනි හොදහැටි
නුඹ හැම වෙර බදින බව
මා පිළිරුවට.
ආර්නෙස්තෝ කාදිනෙල්
පරිවර්ථනය
මාලනි ගෝවින්නගේ
මුඵ මිනිස් මිහිතලෙන්
රුහිරු ගලමින් තිබීණි.
කාලයද – ගොඩනැගිලි – මහ මංද
අපරාධවල මේ සහපිරිවර
වැස්සෙන් සේදී
මතකය මැකී ගියේය.
එක් වරක් නොව දහස් වර
නැවත නැවත ද,
මේ පුංචි ග‍්‍රහලොව
මෙසේ රුහිරෙන් නැහැව ගොස් ඇත.
යුද්ධයෙන්, පලිගැනීමෙන්
සැගවෙමින්, මුණ ලා කළ සටනින්
මහ දන වැටුණහ, මියැදුණහ.
ඉක්බිති ඒ සියලූ දෑ.
සෑම සතරැස් මීටරයක් – ලෙයින් පෙගුණු බව
නැත්තටම මැකිණි මතකයෙන්.
වංක නොපැහැදිලි ස්මාරකයක්
ලෝකඩ තහඩු ලිපියක් – ඉක්බිති නෙක කතා ඒ ගැන.
උපත් ඇතිවෙයි, නගර බිහිවෙයි
ඉක්බිති මතකය අදුරට මුසුවෙයි
මතකය නසන්නට අපට ඇති ශිල්ප ක‍්‍රම
මතකය නසන්නට අපට ඇති විදු නුවණ
ලෙයින් පෙගුණු දෑ මලින් වැසී යයි
තරුණ ජනයිනි සැරසෙව් තව වරක්
නසන්නට වාරයක් –
මියෙන්නට වාරයක් –
ලැබෙන තෙක්
රුහිරු මත මල් විසුරුවන්නට
ලැබෙන තෙක් වාරයක්
පැබ්ලො නෙරූදා
(මතක පූජාව – මාලිනි ගෝවින්නගේ)
If you are not dead
Or dying
You have to wake up
When the day breaks
Every morning is fresh
Although not in a dew on a petal
Wipe the dust on your bruised forehead
Come, give me a hand, let’s go
Forget the nightmares of blood
Tread soft on wreck
There’s a brook of fresh life
Somewhere in the land
Forget we were defeated
What is the meaning of success?
Life is minutes, days and years
Come, give me a hand, let’s go
-Ajith Perakum Jayasinghe,
September 20, 2008
හිතින් සමනළ කන්ද වැදලා
කඳු කපා බිම සැදුවා
උදුවප් සද වගේ සැදෙනා
රාබු අල සිපගන්න සිතුණා
මල් තුහින වෙඩි වගේ වැටුණා
හීන හත ගල් ගැහී මිදුණා
කොළ දැවී නාරටියටත් රිදුණා
හීතල ද ගිනි අරන් තිබුණා
අල වගේමයි ගෝවා
කැරටි කහ පාට නැතුවා
ලේ පැල්ලමක් තියලා
බීට් වෙඩි වැදී හිටියා
මල් නොවේ ගල් තුහි මේවා
කිහිරගුරු රැසක් මෙන් දැවුණා
මල් කඩා පාගලා දමලා
හිම වලින් සොහොන්කොත බැන්දා
– ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න
සදෙව් ලොවේ අතු ගෑවෙන තුරු මුදුනා
ඉහළ ගියේ නුඹ මුල අමතක කරලා
බලන් පහළ දුක් කතාව හිස නමලා
මුල ඇත්තේ අපාය වෙත පහු බැහැලා
පරසතු මල මහමෙර පත්ලේ එලලා
පොල් මල පුදා සක් දෙව්ඳුට කැප කරලා
දිව්‍ය සුරා සැල්වල ලයිසන් කපලා
තිස් තුන් කෝටියම අද රා පැන් නාලා
විෂ්ණු දිව්‍ය රාජයාට පොල් කවලා
අලක පුරේ මාළිඟයට අතු වහලා
කුරුම්බැට්ටි මැෂිමක් රම්බට දීලා
කස්තුර ලෙස වැජඹෙන්නට නුඹ හිතලා
කෘෂිකර්මෙන් පැළ ගෙනවිත් සොඳට
මැන මැන කැපූ වළවල ඉඳුවා පෙළට
බලා කියා ගත් හරකුන්ගෙන් අපට
නොදී ගෙඩිත් ගෙන වැඩියා දෙව් ලොවට
දෙවියන් නමි වළඳති තෙලට මිරිසට කිරට
ඕනෑ නම් කුඩු ටික කෑ හැකි රසට
මෙලෝ පොල් දුර ඈතයි දැන් අපට
එලෝ පොල් පෙනේ පොළේ දී ඉරිදාට
අපට නොවේ නම් මයිටන් හට බිලි වේවා
පොල් කුරුමිණියනේ ඇවිදින් බෝ වේවා
ඇට්ටි ඇට්ට් ගානේ නැටි කුණු වේවා
මුල් තැම්බී පොතු ගැළ වී වණ වේවා
ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න