Archive for the ‘සම්මුක සාකච්ඡා’ Category

පසුගිය ජූලි 29 දිනට ‘ජනකරලිය’ ආරම්භ කොට වසර හතක් සම්පූර්ණ කරයි. ජනකරලිය පසුගිය වසර හතක කාලය පුරා අඛණ්ඩව ලංකාවේ ඈත ගම් දනවු පුරා සැරිසරමින් බිම් මට්ටමේ ජනයා වෙතට නාට්‍ය කලාව සමීප කිරීම මගින් සංස්කෘතිමය වෙනසක් සඳහා දායක වීමට සමත්විය. මේ අනූව ‘ජනකරලිය’ මගින් ලංකාව තුළ බිම් මට්ටමේ ජනයා හා බැදුනු නව නාට්‍ය සම්ප‍්‍රදායක් ගොඩනගා ලාංකීය සමාජයට කිසියම් පූර්වාදර්ශයක් සපයා ඇත. ඉතිං අපි හිතුව ‘ජනකරලියේ ’ අත්දැකීම පිළිබඳව එහි පුරෝගාමියෙකු වන පරාක‍්‍රම නිරිඇල්ල සහෘර්දයා සමග කතා බහ කරන්න. පරාක‍්‍රම නොවැම්බර් ව්‍යාපාරයේද පුරෝගාමී සාමාජිකයෙකි.
ප‍්‍රශ්නයපසුගිය ජූලි 29 වෙනිදාට ජනකරලිය පටන් ගෙන වසර 7ක් සම්පූර්ණ වෙනවා. අපි දකින විදියට අඛණ්ඩව වසර හතක් වැනි කාලයක් ජනකරලිය පවත්වාගෙන යෑමට හැකිවීමම විශාල ජයග‍්‍රහණයක්. ලංකාව වැනි රටක මෙවැනි ක‍්‍රියාකාරීත්වයක් වසර හතක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම කියන්නෙම විශාල අභියෝගයක්. ජනකරලිය ආරම්භ කරන අවස්ථාවේ එහි පැවති ස්වරූපයත් වර්තමානයේ එය පවතින ස්වරූපයත් ගත්තම මේ තුළ සිදුවී ඇති වෙනස්කම් ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර – ජනකරලිය නම රෙජිස්ටර් කරල වැඩකටයුතු ආරම්භ කෙරුවෙ 2003 වර්ෂයේදි. 2004 ජූනි මාසයෙදි තමයි නාට්‍ය කණ්ඩායම ආරම්භ කෙරුවෙ. HIVOS ආයතනයෙන් අපිට නාට්‍ය කණ්ඩායම ගොඩනැගීම සදහා ආධාරයක් ලබාදුන්නා. USAID ආයතනයෙන් ටෙන්ට් එක හදල දුන්න. පසුව FLICT ආයතනයෙන් අපේ අධ්‍යාපනික වැඩසටහන් සදහා ආධාර ලබාදුන්නා. මෙය මුලින්ම ලැබුණේ අවුරුදු දෙකකට. අවුරුදු දෙකකට පස්සෙ අරමුදල් ලැබෙයිද කියල අපි දැනගෙන හිටියෙ නැහැ. මේක විශාල වැඩපිළිවෙලක් නිසා අවුරුදු දෙකකට පස්සෙ අපිට එකපාරටම ස්ව්‍යං පැවැත්මක් ගැන තීරණය කරන්න පුඵවන් කමක් තිබුනෙ නැහැ. එකම නාට්‍ය කණ්ඩායමක් අවුරුදු දෙකකට වඩා පවත්වා ගැනීමේ හැකියාව පිළිබදවත් අපටම ප‍්‍රශ්ණ තිබුනා. මොවුන් තරුණ කණ්ඩායමක් නිසාම කාලයත් සමග මොවුන් විවිධ පරිවර්ථනයන්ට ලක්වීමේ හැකියාව තිබෙනවා. කලා කේෂ්ත‍්‍රය තුළම වෙන වෙන වැඩවලට සම්බන්දවීමේ හැකියාව තියෙනවා. අනික ආකල්පමය වෙනසක් කියන දේ ඇතිකරන්නේ කොහොමද කියන කාරණය. කලාව, පරිසරය සහ දේශපාලනය පිළිබ`දව කිසියම් දැනුමක් සහිත සමාජයේ කිසියම් වෙනසක් ස`දහා උරදිය හැකි කණ්ඩායමක් බවට මෙම කණ්ඩායම පත් කල හැකිද කියන ප‍්‍රශ්ණ අප ඉදිරියේ තිබුනා. මෙවැනි පූර්වාදර්ශයක් කලින් නොතිබුන නිසා මෙවැනි දෙයක් සමග කොතෙක් දුර යන්න පු`ඵවන්ද කියන සැකයක් ආරම්භයේදී අපට තිබුනා. නමුත් පළවෙනි අවුරුද්ද ගතවෙද්දි අපට තේරුනා මේකට යන්න පු`ඵවන් කියලා. ඊට පස්සෙ දීර්ඝකාලීනව අවශ්‍ය වන දේවල් කණ්ඩායම තුළම ඇතිකරන්න අපි උත්සහා කෙරුවා. මෙහි පළමු පියවර වුනේ අපි මේක ආරම්භ කළ අය වුනාට කණ්ඩායමේ අයට වගකීම් ලබා දෙනව කියන එක. මේකෙදි අපි කලේ අවුරුදු පහක් යද්දි කණ්ඩායමේ අයටම මෙහි පාලනයට සම්බන්ද විය හැකි ලෙස අංශ කිහිපයක් ගොඩනගල එහි වගකීම් ඔවුන්ට භාරදුන්නා. මේ නිසා කණ්ඩායමට වගකීමක් තිබුනා සහ හැමෝටම බරක් තිබුනා. නමුත් මේ බර නොදැනුන සමහර අයත් හිටියා. මේක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. මේක අපි දැනගෙන හිටියා. සමහර අය හිටියා රංගනයට දක්ෂ වුනාට වෙන වැඩවලට ක‍්‍රියාශීලී නැහැ. ඔවුන් වගකීමක් දරන්න පු`ඵවන් අය නෙමෙයි. ඔවුන් කණ්ඩායම තුළ රංගන ශිල්පීන් විදියටමයි හිටියෙ.
තව අතකින් නාට්‍ය කණ්ඩායමේ අය විවිධ සමාජ ස්තරයන්ගෙන් ආපු අය. මේ තුළ සමහර අය වතුකරයේ කම්කරු පවුල් පසුබිමකින් ආපු අය. සමහරුන් පහල මධ්‍යම පංතික පසුබිම් සහිත අය. මොවුන් ගේ සමාජ වටපිටාවට සාපේක්ෂව මොවුන් මුහුන දුන් ආර්ථික අමාරුකම් සහ තම පවුල සම්බන්දයෙන් වූ වගකීමුත් බොහෝ අයට තිබුනා. කණ්ඩායමේ හිටිය ගැහැණු ළමුන්ට කාන්තාවක් වීම නිසාම ඔවුන් මුහුන දෙන සමාජමය කාරණාත් ඔවුන්ට තිබුනා. කණ්ඩායමක් විදියට මුහුන දෙන මෙවැනි ප‍්‍රශ්ණ වලට අමතරව භාහිර ලෝකයේ විවිධ තත්වයන් සමගත් මෙය ගැටෙනවා. 2003 කියන්නෙ සාම සාකච්ජා පැවති කාලය. එ් නිසාම තමයි මෙවැනි බහුවාර්ගික නාට්‍ය කණ්ඩායමක් හදන්න පහසු උනෙත්. නමුත් මෙතන ඉ`දන් රටේ තත්වය ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වෙන්න ගන්නවා. මේ තුළ දකුණේ සිංහල සමාජය ක‍්‍රමක් ක‍්‍රමයෙන් අන්ත ජාතිවාදී ස්වරූපයකට හැඩගැහෙන්න ගන්නවා. මේ තත්වය ඇතුළෙ අපි බලාපොරොත්තු වු අරමුණු වුන යහපාලනයක්, සහජීවනාත්මක සංස්කෘතියක්, ගැටුමෙන් තොර වුණුු සමාජයක් ඇතිවුනේ නැහැ. අනික මෙවැනි කුඩා කණ්ඩායමකට එවැනි දේවල් ස`දහා විශාල බලපෑම් කිරීමේ හැකියාවකුත් නැහැ. කරන්න පු`ඵවන් දේ මේ අතරින් ගිහිල්ල නාට්‍ය දර්ශන පෙන්වීම විතරයි. දරුණුවටම යුද්ධය පැවතුන කාලයෙත් අපි මේක පවත්වගෙන යන්න උත්සහ කෙරුවෙ කවදහරි දවසක පූර්වාදර්ශයක් වශයෙන් හෝ නිදර්ශනයක් වශයෙන් මේක පවතියි කියන විශ්වාසය මතයි. නමුත් ජනකරලිය හරහා අපි ගොඩනගන්න උත්සහ කරපු මේ පූර්වාදර්ශය උපයෝගී කරගෙන සංස්කෘතික කෙෂ්ත‍්‍රය තුළ කිසියම් වෙනසක් කරන්න මිනිසුන් තුළ පෙළඹීමක් ඇතිවෙයිද කියන ගැට`ඵව අද වෙනකොට ඉතුරුවෙලා තියෙනවා. මොකද යුද්ධය ඉවර වුනාට එයින් ඇතිවෙච්ච තුවාල සහ ප`ඵදු වීම් තවමත් පවතිනවා.
ප‍්‍රශ්නය – 70 දශකයෙ මැද භාගයේ හත්තෙට්ටුවගම නට්‍යකරුවාගේ මුලීකත්වයෙන් ආරම්භ වූ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම හරහා තමයි පරාක‍්‍රම සහ එච්. එ්. මේ කෙෂ්ත‍්‍රයට එන්නෙ. මෙම වීදිනාට්‍ය කලා භාවිතය හරහා ලැබු අත්දැකීම් ජනකරලිය ගොඩනැගීමේදී කොයිතරම් දුරකට ඉවහල් වුනාද?
වීදි නාට්‍ය වුනත් සමාජයේ ලොකු වෙනසක් ඇතිකරන්න ඉවහල් වූ දෙයක් විදියට මම දකින්නෙ නැහැ. සමාජමය වෙනසක් වෙනුවෙන් ක‍්‍රියාශීලී සංවිධානයක් සමග හෝ සමාජ වෙනසක් වෙනුවෙන් ක‍්‍රියාශීලී සංවිධාන පවතින සමාජයක් සමග අනුගතවීම තුළ පමණයි වීදිනාට්‍ය හරහා බලපෑමක් එල්ලකරන්න පු`ඵවන් වෙන්නෙ. 70,80 දශක තුළ වියට්නාමයේ, පිලිපීනයේ සහ තායිලන්තයේ වැනි රටවල දේශපාලන ව්‍යාපාර සමග බද්ද වෙච්ච් වීදි නාට්‍ය භාවිතයන් තිබුනා. වර්තමානයේ ඉන්දියාවෙ මෙවැනි තත්වයක් තියෙනවා. රාජස්ථාන් වේල්ල සම්බන්ද ප‍්‍රශ්නය, පරිසර ප‍්‍රශ්න සහ නිවාස ප‍්‍රශ්න වැනි සමාජ ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන සංවිධාන සහ වාමාංශික ව්‍යාපාරය සමග සෘජුවම සම්බන්ද නොවුනත් එම අරගල සඳහා විශාල බලයක් සපයමින් එම පණිවිඩය සමාජය වෙත ගෙන යෑමට දායක වන විදී නාට්‍ය කණ්ඩායම් විශාල වශයෙන් ඉන්දියාව තුළ ඉන්නවා. මේවයේ පැවැත්ම මෙම සංවිධාන සහ අරගල විසින් තහවුරු කරල තියෙනවා. ඇත්තටම මෙවැනි තත්වයක් මෙහෙ තිබුනෙ නැහැ. වාමාංශික නැඹුරුවක් සහිත අපි කිහිප දෙනෙකු අතර මෙවැනි සමාජ වෙනසක් වෙනුවෙන් මැදිහත් වීමේ පරමාර්ථය තිබුනත් ඇත්තටම අපේ වීදිනාට්‍ය කණ්ඩායම තුළත් එහෙම දෙයක් පොදුවේ තිබුනෙ නැහැ. ඇත්තටම ගත්තම හත්තෙට්ටුවගම සර්ගෙත් එහෙම දෙයක් තිබුනෙ නැහැ. නමුත් පැවති සම්මත රටාවන්ට එරෙහි වීමක් තිබුනා. චිත‍්‍රපට කලාවත් එක්ක තිබුන බැදීමෙන් හත්තෙටුවගම සර් වෙන් වුනේ ඔහු වීදි නාට්‍ය කලාවට සමීප වීමත් සමගයි. මේ සමග ලෝකයේ විකල්ප නාට්‍ය ව්‍යාපාර පිළිබඳව හදාරනකොට, එ් අය මෙහෙ ඇවිල්ලා හම්බවෙන කොට තමයි හත්තෙට්ටුව ගම සර් වෙනස් වෙන්න ගන්නෙ.
දකුණු ඉන්දියාවෙ ප‍්‍රලේන්ල වගේ නාට්‍ය කරුවො, වංගීල වගේ නාට්‍ය කරුවො ගත්තම නූතන නාට්‍ය සම්ප‍්‍රදායේ ගුනාංග සහ ක‍්‍රමවේදයනුත් අරගෙන සම්ප‍්‍රදායත් අරගෙන තමයි නාට්‍ය කරන්නෙ. එ්කත් එක්ක වෙනසක් සඳහා ලොකු වැඩකොටසක් කරනවා. එ්කත් එක්ක සෞන්දර්්‍යයත් යනවා. මේකත් එක්ක මිනිස්සු අපූර්ව විදියකට පවතින ගැටඵව දිහා බලනවා. බලලා වෙනසක් පිළිබඳව හිතනවා. නමුත් මෙහෙ මෙවැනි දේවල් සමග දේශපාලන ව්‍යාපාර එක්ක බද්ද වෙලා යන වීදි නාට්‍ය සම්ප‍්‍රදායක් වර්ධනය වුනේ නැහැ. ලංකාවෙ වීදි නාට්‍ය වැඩිපුරම සම්බන්ද වෙලා තිබුනෙ ස්වෙච්ජා හා රාජ්‍ය නොවන සංවිධාන සමගයි. මේ නිසා මට තිබුන ගැට`ඵව තමයි එක්කො අපි දේශපාලන ව්‍යාපාර එක්ක බද්ද වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් සෞන්දර්්‍යත් එක්ක යන්න ඕනෙ කියන එක. එහෙම දෙයක් නොතිබීමේ අඩුපාඩුව මට පෙනුනා.
මේ අතර ලංකාවේ වාර්ගික ගැට`ඵව වර්ධනය වෙමින් පවතිනවා. මේ තුළ තමයි අපි නාට්‍ය කලාව වෙන විදියකට වෙන පැත්තකට යොමු කිරිම සඳහා කටයුතු කරන්නෙ. වීදිනාට්‍ය තුළ තිබුන ගති ලක්ෂණ සහ එහි භාවිතය ප‍්‍රමාණවත් නැහැ කියන එකත් ඊට වඩා ආකර්ශනීය ලෙස එ් කාර්්‍යය ඉෂ්ඨවෙන්න ඕනෙ කියල කල්පනා කෙරුවෙ. මොකද වීදි නාට්‍ය හරහා ගැටෙන්න පුඵවන් සුඵ පරිමාණයේ තලයක නෙමෙයි අපිට ගැටෙන්න වෙලා තියෙන්නෙ. සමාජය පරිහානිය කරා ගෙන යන ආකාරයේ මාධ්‍ය සමග අපට ගැටෙන්න වෙනවා. අනිත් එක මේ මාධ්‍ය මගින් වාර්ගික ගැටඵව ගැන කතා නොකරන තත්වයකුත් තියෙනවනෙ. මේ වෙනස තමයි අපි ජනකරලිය මගින් කරන්න උත්සහා කෙරුවෙ. නූතන තත්වයන්ට ගැලපෙන විදියට මේක කරන්න නම් එ නාට්‍ය ව්‍යාපාරය තුළ ආකර්ශනයක් තියෙන්න ඕනෙ, අලූත් ක‍්‍රමවේදයන් හොයාගෙන යන්න ඕනෙ, රඟදක්වන අවකාශය විවිධ ආකාරයෙන් පාවිච්චි කරන්න පුඵවන් වෙන්න ඕනෙ සහ සෞන්දර්්‍ය එක්ක යන්න ඕනෙ කියන දේ තමයි අපි හිතුවෙ.

ප‍්‍රශ්නය ලංකාවෙ දි ජනකරලිය වැනි ක‍්‍රියාකාරීත්වයන් ට වැඩි වශයෙන් ‘ෆන්ඞ්ස් ’ මත පදනම් වෙන්න සිද්ධ වෙන්නෙ ඇයි?
‘ෆන්ඞ්ස් ’ කියන එක වැදගත් කාරණයක්. යුරෝපයේ ධනවත් රටවල් එ් රට වල ව්‍යාපාරික මට්ටමෙන් පවත්වාගෙන යන නාට්‍ය ධාරාවන්ට පවා ආධාර කරනවා. එංගලන්තයේ performing Arts  වලට උදව් කරන වෙනම ලොතරැයියකුත් තියෙනවා. ඇමරිකාවෙ නාට්‍ය කලාව පවතින්නෙ බිස්නස්කාරයෝ නාට්‍ය වලට දෙන sponsor ships හරහා. කැනඩාවෙ සහ ඕස්ටෙ‍්‍රිලියාවෙ රජය විසින් මේ සඳහා විශාල දායකත්වයක් කරනවා. ඇත්තටම කලාව ගැන තේරුම් ගත්ත පාලකයො ඉන්න රටක කරන්නෙ, ව්‍යාපාර විසින් කලාව අභිබවා යන්න නොදී කලා සම්ප‍්‍රදායන් පවත්වා ගෙන යාම සඳහා ආධාර කරනවා. එහෙම නැතිව මේවට පවතින්න බැහැ. එ්ත් අපේ රට වල එහෙම දේවල් නැහැනෙ. ලංකාවේ අයවැයෙන් සංස්කෘතික අමාත්‍යංශය සඳහා වෙන් කෙරෙන්නෙ 0.5‍්‍ර වැනි ප‍්‍රමාණයක්. මේ නිසා අයථා මාර්ගවලින් නැතිව මුදල් ලැබෙන වෙනත් නිසි මාර්ගවලින් මුදල් ලබා ගෙන තමයි කල යුතු දේ කරන්න ඕනෙ. ලැබෙන මුදල් වාහන අරගෙන අයථා විදියට සුඛෝපභෝගී විදියට පරිහරණය කරන්න ගියොත් තමයි වැරදි. එහෙම නොකළ නිසයි ජනකරලිය මේ විදියට පවතින්නෙ.

ප‍්‍රශ්නය ජනකරලිය ඉදිරියෙදි අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල ක‍්‍රියාත්මක වීමට අදහස් කරගෙන හිටියා. නමුත් අපි දකින විදියට ලංකාවේ බොහෝමයක් ආධාර දෙන ආයතන මගින් සංස්කෘතික කෙෂ්ත‍්‍රයේ ක‍්‍රියාකාරීත්වයන් සඳහා වෙන්කරන අරමුදල් සීමා කිරීමක් හෝ සීමා කිරීමට සිදුවීමක් දකින්න තියෙනවා. මේ මගින් ලංකාවේ වර්තමාන දේශපාලන ගතිකත්වයකුත් ප‍්‍රකාශමාන වෙනවා. මෙවැනි පසුබිමක් තුළ ජනකරලියේ අනාගතය කුමනාකාරද ?
දැන් ජනකරලියේ අභියෝග කිහිපයක් තියෙනවා. එකක් තමයි ක‍්‍රමානුකූලව ස්ව්‍යං පැවැත්මකට හැඩගැහීම. ස්ව්‍යං පැවැත්මකට හැඩගැහෙනවා කියන්නේ සමහර දේවල් ගිලිහී යැමේ තර්ජනයකට මුහුන දෙනවා. පසුගිය වසර කිහිපය පුරාUSAID, HIVOS  සහ FLICT කියන ආයතන වලින් ජනකරලිය පවත්වාගෙන යාම ස`දහා විවිධ මට්ටම් වලින් මූල්‍යම සහයෝගය ලබාදුන්නා. මේ නිසා අපිට මෙය පවත්වා ගැනීම පිළිබ`දව කිසිම ගැට`ඵවක් හෝ අභියෝගයක් තිබුනෙ නැහැ. නමුත් වර්තමානය වෙද්දි මෙම බොහොමයක් ආයතන වලට දැක්විය හැකි මූල්‍යම සහයෝගය හීනවෙමින් පවතිනවා. මේක අපි මීට අවුරුදු දෙකකට පෙර සිටම දැනගෙන හිටියා. ඉතින් අපි මේකෙ අඛණ්ඩ පැවැත්මකට යනවා නම් මේකට මුහුන දීල මේක ජයගන්නෙ කොහොමද කියන තැනකට එන්න වෙනවා. ඉතින් අපි මේ කාලය තුළ කරපු දේ තමයි ජනකරලියට ප‍්‍රචාරයක් සහ පිළිගැනිමක් ලැබෙන තත්වයට ගෙනල්ලා කොයි මොහොතෙ හරි සල්ලි නොලැබෙන තත්වයක් ආවොත් දර්ශන වාරයන් ස`දහා අනුග‍්‍රාහකයෙක් විදියට සමාගමක් අල්ල ගන්න පු`ඵවන් තත්වයක් ගොඩනගා ගැනීම. එතකොට මේක ආකර්ශනීය තත්වයකට ගේන්න ඕනෙ. අපි ‘ෆන්ඞ්ස් ’ තියෙන කාලෙ මේකට සූදානම් වුනා. දැන් ‘ෆන්ඞ්ස් ’ නැතිවෙනකොට අපි කලින් නාට්‍ය දර්ශන වාරයන්ට අමතරව ව්‍යවහාරික රංග කලාව සම්බන්දයෙන් කරපු වැඩමු`ඵ අත් හරින්න වෙනවා. දැන් අපි බලන්නෙ මේ ටික අවශ්‍ය කට්ටිය ඉන්නවනම්, එ් අයට පු`ඵවන් අපේ වියදම් දරලා ඔවුන්ගේ ප‍්‍රදේශයට අපිව ගෙන්වගෙන එ් වැඩමු`ඵ සිදුකරන්න. සමහර විට අවශ්‍ය පිරිස් වලට ස්වෙච්ජා ආයතන වල සහයෝගය ලබාගෙන අපිව ගෙන්ව ගන්න පු`ඵවන්. මේ විදියට තමයි අපිට ‘ෆන්ඞ්ස් ’ නැතුව වැඩකරන්න වෙන්නෙ. මේ අනූව අපි 2011 දෙසැම්බර් වෙද්දි ‘ෆන්ඞ්ස් ’ බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එහෙම තැනකට අපිට එන්න වෙනවා. මෙහෙම වුනාම අපිට ආදායම් උපයන මාර්ග පිළිබඳව හිතන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල දර්ශන වාරයන් සඳහා ටිකට් එකක් විකුනුවෙ රු. 50.00 කට. නමුත් පහුගිය වර අනුරාධපුරයේදි ටෙස්ට් එකක් විදියට දර්ශන වාරයක් සඳහා පාසැල් ළමයෙකුගේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල රු.50.00 සහ වැඩිහිටියෙකු සඳහා ප‍්‍රවේශපත‍්‍රයක මිළ රු. 100.00 කෙරුවා. මෙයින් ලක්ෂ 10 ක් වැනි හොද ආදායමක් අපි ලැබුවා. මේකෙන් මේ විදියට යන්න පු`ඵවන් කියලා අපිට තේරුනා. අනුග‍්‍රහයකයෙකුත් ඉන්නවානම් හොඳ පැවැත්මක් එනවා. කණ්ඩායමටත් ගෙවන්න පු`ඵවන්. නාට්‍ය කලාව අපේ රටේ එ් විදියට ව්‍යාපාරික මට්ටමෙන් යන්න පු`ඵවන්. ව්‍යාපාරික මට්ටමින් යනවා කියන්නෙ, ජනකරලියේ අරමුණු විදියට තියෙන ගැටුම් පරිණාමනය, සිංහල දෙමළ පිරිස් අතර සංස්කෘතික සහජීවනාත්මක සම්බන්දයක් වැනි දේවල් අභියෝගයට ලක්වෙනවා. හැබැයි රැුවුලයි කැඳයි දෙකම බේරගන්න වෙනවා. එහෙම නැතිවුනොත් ජනකරලියේ අර්ථය නැතිව යනවා. මේ නිසා එ් ටික කරන්න ආධාර ඕනේ. එ් සඳහා ආධාර හොයන්න වෙනවා.
අවුරුදු ගණනාවක ඉඳන් අපේ target එක වුණේ යාපනයයි. මේ අනුව පහුගිය වර අපි යාපනයට ගියා. යාපනයෙන් පස්සෙ ජංගම රඟහල වෙනම අංශයකට වෙන්කෙරුවා. අපිට තවදුරටත් පූර්ණකාලීන නාටය කණ්ඩායමක් රඳවාගැනීමට අපහසු තත්වයක් එනවා. එතකොට ජනකරලිය ඇතුලත කරපු ක‍්‍රියාදාමය එළියට දාන්න වුනා. එකක් තමයි සිංහල රංගන ශිල්පීන් සහභාගී කරගෙන මඩකලපුවෙ දෙමළ භාෂාවෙන් නාට්‍යක් කිරීමට සැලසුම් කරල තියෙනවා. එකක් තමයි ‘මැටිකරත්තය’. එ්වගේම නාට්‍යයක් යාපනයේ. එ් තමයි පුලන්දෙයි ශම්මුගලිංගම් පරිවර්තනය කරපු ‘හුනුවටයේ කතාව’. එතකොට මේවා අපේ තියෙන පොඩි අරමුදලක් පාවිච්චි කරලා එහෙට අරගෙන යන්න සැලසුමක් තියෙනවා. එ් විදියට එ් අංශයෙන් එ්ක කරගෙන යනවා. අනිත් එක තමයි අනුරාධපුරයේ සෙන්ටර් එකක් හදන එක. මොකද අනුරාධපරය කියන්නෙ දෙමළ ජනතාවක් ඉදලා අත්ඇරල දාලා ගිය ප‍්‍රදේශයක්නෙ. මේ නිසා අනුරාධපුරය සංස්කෘතික වශයෙන් වැදගත්ම නගරයක්. අපි කියන්නෙ මෙතන සෙනෙහසේ ෙදාරටුවක් නිර්මාණය වෙන්න ඕනෙ කියලයි. එ් සඳහා තමයි අපි උත්සහා කරන්නේ.

සටහන

නෙවිල්

මේ දිනවල දිවයිනේ බොහොමයක් ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය වෙමින් පවතින ප‍්‍රසන්න විතානගේ නිර්මාණ කරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ වේදිකා නාට්‍යයෙහි ඇතුලත් වූ  දුම් පානය කිරීමේ දර්ශනයක් සම්බන්ධයෙන් වු නිශේදනීය මැදිහත්වීම් දෙකක් පිළිබඳව අපට අසන්නට ලැබුණි. මින් එක් සිදුවීමක් වූයේ කොළඹ පැවති එක් නාට්‍ය දර්ශනයකදී මෙම දුම්බීමේ දර්ශනය නිරූපනය කෙරෙන අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි කිසියම් පිරිසක් ‘හූ’ කියමින් නාට්‍යයට බාදා කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව කොළඹ පැවති වෙනත් නාට්‍ය දර්ශන වාරයකට පෙර එහි පැමිණි පිරිසක් විසින් මෙම දුම්බීමේ දර්ශනය අදාල කරගනිමින් පත‍්‍රිකාවක් බෙදාහැර ඇත. මෙම දුම් පානය කිරීමේ දර්ශනය සම්බන්ධයෙන් පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනූව පොලීසිය පැමිණ නාට්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ ඉහත සිදුවීම් වලට පසුවයි.
පසුගිය කාලය පුරාම ප‍්‍රගතිශිලී නිර්මාණකරුවන්ට සහ ඔවුන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් එල්ල වූ විවිධ ස්වරූපයේ වාරණයන් සහ බලබෑම් වල අත්දැකීම් නිසා මෙම සිදුවීම් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වීම වැදගත් යැයි අප සිතුවා.

ආචාර්්‍යය සුනිල් විජේසිරිවර්ධන.

ප‍්‍රසන්න විතානගේ නිර්මාණකරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ ෙවිදිකා නට්‍යය සම්බන්ධයෙන් වු නිශේදනීය ප‍්‍රතිචාරයන් දෙකක් පිළිබඳව අපිට දැනගන්න ලැබිලා තියනවා. මේ ප‍්‍රතිචාරයන් දෙක පිළිබඳව අපේ දැඩි අවදානය යොමු විය යුතුයි.  සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරනවා කියලා කටයුතු කරන සමාජ පිරිස් තම අරමුණු වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ග මොනවාද කියන එක වැදගත්. මොකද තම අරමුණු ලඟා කර ගැනීම සඳහා අයහපත් කි‍්‍රයාමාර්ග වලට එල`ඹිම සමාජයට හානිදායක විය හැකියි. සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාක්ෂාත් කරගැනීමේදි පවා අප අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග මොනවාද කියන එක ඉතා වැදගත්. එම කි‍්‍රයාමාර්ග සමාජයට හානි කර නොවිය යුතුයි.
මත්ද්‍රව්‍ය ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස් තම අරමුණු සඳහා ගනු ලබන කි‍්‍රයාමාර්ගත් යහපත් විය යුතුයි. එ් වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ග ප‍්‍රචණ්ඩ වුනොත් සමහර විට සමාජයේ ප‍්‍රතිචාරයත් ප‍්‍රචණ්ඩ විය හැකියි.
නාට්‍යය දර්ශනයකට ඇවිල්ලා එහි දුම් බීමේ දර්ශනයක් නිසා පේ‍්‍රක්ෂකාගාරයේ ඉඳන් ‘හූ’ කියලා නාට්‍යය දර්ශනයට බාදා වෙන ආකාරයට ප‍්‍රතිචාර දැක්වීම කියන්නේ අශිෂ්ඨ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්. මේ හරහා සමාජයට දෙන ආදර්ශය වෙන්නේ තමන් අකමැති දෙයට ගල් ගහන්න කියනවා වගේ දෙයක්. නමුත් විය යුත්තේ, මත් ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට වෙන හානිය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස් එ් පිළිබඳව අධ්‍යාපනික වැඩසටහන් සහ එයට අදාල නිර්මාණ කිරීම මිසක් මෙවැනි අශිෂ්ඨ ප‍්‍රවේශයන්ට එල`ඹිම නොවේ.
සිනමාව සහ නාට්‍යය හරහා පරාවර්ථනය කෙරෙන්නේ පවතින සමාජයයි. එ් නිසා සිනමාව සහ නාට්‍යය කියන්නේ කැඩපතක් වැනි දෙයක්. මෙවැනි ක‍්‍රියාමාර්ගයන්ගෙන් වෙන්නේ කැඩපතකට ගල් ගහනවා වගේ දෙයක්.
මෙහිදි අවදානය යොමු කළ යුතු අනික් කාරණය වෙන්නේ පොලීසිය

නාට්‍යය අධ්‍යක්ෂකවරයාව ප‍්‍රශ්ණ කිරීමයි. මෙය රැුඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව ප‍්‍රදර්ශනය වන නාට්‍යයක්. මේ නිසා පොලීසියට කිසිම අයිතියක් නැහැ මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයාගෙන් ප‍්‍රශ්ණ කරන්න. මහජනයා තමයි තීරණය කරන්න  ඕන මේ නිර්මාණය භාර ගන්නවාද නැද්ද කියන එක. මේක භායනක ප‍්‍රවණතාවයක්. අපි රජයකට මෙවැනි අයිතියක් දීලා නැහැ. මෙවැනි දේ කරන්න නෙමෙයි අපි ඡුන්දය දීලා රජයක් පත් කරලා තියෙන්නෙ.

මාධ්‍යවේදි ලක්ෂ්මන් ගුණසේකර.

මට තේරෙන්නේ නැහැ, පොලීසියෙන් ඇයි මේ සම්බන්ධයෙන් නාට්‍යය අධ්‍යක්ෂකවරයාව ප‍්‍රශ්ණ කළේ කියලා. මන්ද පොලීසිය හොඳ පළපුරුදු ඇති නිළ රාජ්‍යය ආයතනයක් හැටියට දැනගත යුතුයි නාට්‍යයක් ප‍්‍රසිද්ධියේ පෙන්වනවානම් එය පෙන්වන්නේ රාජ්‍යයෙන්ම පිහිටුවා ඇති ප‍්‍රසිද්ධ රැුගුම් පාලක මණ්ඩලය මෙම නාට්‍යය ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට නිල සහතිකයක් ලබා දී ඇති බව. පොලීසියට මෙම නාට්‍යය ඉදිරිපත් කිරීම පිළිබඳ කලාත්මක හරයේ ප‍්‍රශ්නයක් පවතී නම් එ් පිළිබඳව විමසිය යුත්තේ නාට්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් නොව අර සහතිකය ලබාදුන් මණ්ඩලයෙනුයි. මන්ද සහතිකය දීමෙන් එම මණ්ඩලය මේ නාට්‍යය ඉදිරිපත් කිරීමේ නිල වගකීම තමන් අතට අරගෙන තියනවා. සමාජය සහ රාජ්‍යය වෙනුවෙන් එම වගකීම භාර ගැනීම එම මණ්ඩලයේ රාජකාරියයි. එහි රාජකාරිය වන්නේ අප සමාජයේ අදහස් ප‍්‍රකාශ කිරීම සහ නිර්මාණාත්මක කෘති ඉදිරිපත් කිරීම වැනි සන්නිවේදනාත්මක කි‍්‍රයාදාමයක් සඳහා අනුබල දීමයි. ඇත්තෙන්ම මේ මණ්ඩලයෙන් කෙරෙන්න  ඕන දෙයක් තමයි මෙය ප‍්‍රදර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව සන්නිවේදනය කිරීම. ඉතින් පොලීසියේ වගකීමක් තමයි මේ පිළිබඳව එම ආයතනය මඟින් පැහැදිලි කර ගැනීම.
නමුත් අප රටේ දේශපාලන රටාව අවුරුද්දෙන් අවුරුද්ද මර්ධනකාරි වෙන්න වෙන්න අපි අත්දැකලා තියනවා නොයෙකුත් කලාකරුවන්ව රාජ්‍යයමය, රාජ්‍යයමය නොවන හා රාජ්‍යය විරෝධී අංශයන්ගෙන් අනියම් ලෙස හිරිහැර කිරීම් වලට ලක්වෙනවා. අනියම් බලපැම්, ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයන් සහ ඝාතනයන් තරම් අන්තයකට ගිහින් ඇති අපේ කලා ප‍්‍රජාවේ අත්දැකීම් මත අපි අද දින මෙවැනි ප‍්‍රශ්ණ කිරීම් පිළිබඳව ඉතාම සීරුවෙන් බැලිය යුතුයි.

රංගන ශිල්පිණි කෞෂල්‍යා ප‍්‍රනාන්දු

මම හිතන්නේ කලාකරුවෙක් විදියට තමන්ගේ නිර්මාණයක් කරන කොට එයාට අනිවාර්්‍යයෙන්ම එයාගේ නිර්මාණය පිළිබඳව නිදහස තියෙන්න  ඕන. මම හිතන්නේ නැහැ ප‍්‍රසන්න විතානගේ කියන්නෙ තමන්ගේ නිදහස අයුතු විදියට භාවිතා කරන කලාකරුවෙක් කියලා. ප‍්‍රසන්න කියන්නෙ මේ රටේ වේදිකා නාට්‍යය සහ සිනමාව තුල දිර්ඝ ඉතිහාසයක් සහිත කෙනෙක්. ඉතින් ප‍්‍රසන්න වගේ කෙනෙකුට මේ විදියට බලපෑම් කරනවානම් මම අහන්නේ තරුණ කලාකරුවෙක්ට මේ රටේ තියන ආරක්ෂාව මොකක්ද? අනිත් එක රැුඟුම් පාලක මණ්ඩලය තියෙද්දි නාට්‍යය ගැන තීරණයක් ගන්න පොලීසිය වගේ ආයතනයක් මේකට මැදිහත් වෙන්න ප‍්‍රසන්න අපරාධ කාරයෙක්ද? දැන්  ඕනෙම නිර්මාණයකට අදාලව යම් යම් චරිත හැසිරෙන ආකාරයන් තියනවා. එ් චරිත හැසිරෙන ආකාරය නිර්මාණයක නිරූපණය උනාට එ්කෙන් කියවෙන්නෙ නැහැ එ් චරිත ලක්ෂණ හරි හෝ වැරදියි කියලා විනිශ්චයක් නිර්මාණකරුවා දෙනවා කියලා.
දැන් ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍යය ගත්තොත් අපේ රටේ නාට්‍යය කලාවේ මුදුන් මල් කඩ විදියට සළකන නිර්මාණ නේ. ඉතින් මේ කියන සදාචාරවාදී නිර්ණායක ඇතුලෙ මනමේ කුමරිය තමන්ගේ පුරුෂයා අත්හැරලා වෙන පිරිමියෙක් එක්ක යන එක වැරදි කියලා මනමේ තහනම් කරන්න  ඕනනේ. නැත්නම් ‘සිංහබාහු’ නාටයයේ කුමාරියක් සිංහයෙක් එක්ක සහවාසයේ යෙදිම සදාචාරවාදී නැහැ කියලා නාට්‍යය පෙන්වන එක නවත්වන්න  ඕනෙ නේ. අනිත් එක ලංකාවේ සිගරට් බොන එක හරි අරක්කු බොන එක හරි තරුණ පරම්පරාව පුරුදු වෙන්නෙ සිනමාව හෝ නාට්‍යය නිසා කියලා කියනවා නම් එ්ක හරිම විහි`ඵවක්. නාට්‍යය වල එ් වගේ දර්ශන තිබුනත් නැතත් මිනිස්සු අරක්කු සිගරට් බොනවා. මේකට කියන්න තියෙන්නෙ ලංකාවේ කලාව පිළිබඳව තියන නොදියුණු බව කියලා තමයි. මේ නිසා ලංකාවේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කෙරෙන මෙවැනි සිය`ඵම අයහපත් මැදිහත් වීම් මම තරයේ හෙලා දකිනවා.

සටහන – සම්පත් සහ තමාරා