ගිනිසි`ඵව රැුගත් මිනිසා හෙවත් අග්නීමා කන්තලේ දී තම සප්ත ස්වරය නැවත දල්වන්න සූදානම්. එ් එලඹෙන අගෝස්තු මස 12 වෙනි දින තරුණ දිනයෙදි කන්තලේ නගරයේදි.
කාලයක් නිහඬව බලා සිටි අග්නීමා තාරක, තුමාරා හා චින්තක ද සමගින් නැවතත් සුපුරුදු ලබැදියාවෙන් සිංදු කියන්නට, ගී තනු දමන්නට සංගීතයට වචන එකතු කරන්න පෙර ලෙස සූදානම් වෙද්දී, අපට හමුවු අපේ් මිත‍්‍රයා වන ධම්ම ද අග්නීමා සමග ගිනිසි`ඵව රැුගෙන යන්නට අප හා සම්බන්ධ විය.
ධම්ම සිය බෙරයත් කරේ දාගෙන පුහුණුවීම් වලට එද්දී, මට මතක් වෙන්නෙ අපගේ සුන්දර අතීතයයි. අතීතය ද අපටම අයිති දෙයක් වන බැවින් එය කිසිසේත් වර්තමානයේ දී අමතක කර දැමිය නොහැක. අතීතයේ දී ගිනිසි`ඵව රැුගෙන යන විට හමුවු දේ බොහෝමය. එ් තුළ බාධක, නොයෙක් අපහසුතාවයන් මෙන්ම ගැනිය නොහැකි හැකියාවන් හා ශක්තීන් ද විය.
පසුගිය කෙටි අතීතය ගෙවී ගොස් ඇත්තේ සමාජයක් ලෙස අපට බොහෝ දේ ලබාදෙමින් නොව බෙහෝ දේ අහිමි කරමිනි. මේ තුළ අපට හිමි කර දී ඇති එකම දෙය වී ඇත්තේ අහිමි කිරීම් පිළිබඳ වූ අත්දැකීම් ගොන්නක් පමණකි. මෙම අත්දැකීම් හරහා අපට නැවත නැවතත් සිහිගන්වන පාඩම වී ඇත්තේ සිදුවීම් ඉදිරි පිට තව දුරටත් නිහඬ පේ‍්‍රක්ෂකයින් වීමේ වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ අපටම බවයි.
අරගෙන යන විට උන් ඇවිදින් සමාජ වාදීන්
බලා සිටියා මම නිහඬව මම උන්ගෙන් කෙනෙකු නොවේ
අරගෙන යන විට උන් ඇවිදින් කම්කරු නායකයින්
බලා සිටියා මම නිහඬව මම උන්ගෙන් කෙනෙකු නොවේ
අරගෙන යන විට උන් ඇවිදින් යුදෙව් ජාතිකයන්
බලා සිටියා මම නිහඬව මම උන්ගෙන් කෙනෙකු නොවේ
අන්තිමේදි උන් එනකොට අරගෙන යන්නට මා
කවුරුත් නෑ හිටියේ මට
හිටියේ මම තනියම
මේ ජර්මානු පූජකවරයෙකු වූ මාටින් නිමොලර් ගේ වචනයි. මෙම වචන මගින් ඔහු ප‍්‍රකාශ කලේ ජර්මානු ෆැසිස්ට්වාදය දෙස නිහඬව බලාසිටීම තුළ වූ ඔහු ගේ ඉරණමයි.
ඉතිං අපි හිතුවා එලඹෙන ලෝක තරුණ දිනයේදි ගිනි සි`ඵව රැුගත් මිනිසාගේ ගිනිසි`ඵව නැවත දල්වන්න. තරුණ දිනයට වෙනස් අර්ථයක් දෙන්න. විද්‍යුත් නාලිකා මගින් තාරුණ්‍යයේ රිද්මය බවට පත්කර ඇති සරල රේඛීය රිද්මය වෙනුවට අපේ සැබෑ රිද්මයට හඬක් දෙන්න.
කන්තලේ සහයෝගීතා පදනමේ මිතුරු මිතුරියන් සමග එකතු වෙලා තමයි අපි අගෝස්තු 12 වෙනිද ලෝක තරුණ දිනය සමරන්නෙ සහ එයට නව අර්ථයක් දෙන්න උත්සහ කරන්නෙ. මෙදිනම කෙටි චිත‍්‍රපට උළෙලකුත් පවත්වන්න කටයුතු යොදල තියෙනවා.
අග්නීමා වෙනුවෙන්
ජයාන් පතිරණ