හිතින් සමනළ කන්ද වැදලා
කඳු කපා බිම සැදුවා
උදුවප් සද වගේ සැදෙනා
රාබු අල සිපගන්න සිතුණා
මල් තුහින වෙඩි වගේ වැටුණා
හීන හත ගල් ගැහී මිදුණා
කොළ දැවී නාරටියටත් රිදුණා
හීතල ද ගිනි අරන් තිබුණා
අල වගේමයි ගෝවා
කැරටි කහ පාට නැතුවා
ලේ පැල්ලමක් තියලා
බීට් වෙඩි වැදී හිටියා
මල් නොවේ ගල් තුහි මේවා
කිහිරගුරු රැසක් මෙන් දැවුණා
මල් කඩා පාගලා දමලා
හිම වලින් සොහොන්කොත බැන්දා
– ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න