ආදරයේ සහ වෛරයේ ස්වරූප

Posted: September 12, 2011 in විචාර
(per)versions of love & hate

වර්තමානයේ අපි ජීවත් වෙන්නේ ධනවාදයේ එක්තරා සුවිශේෂී යුගයක. අපට මේ යුගයේ දකින්නට ලැබෙන්නේ ලෝකය පුරා පැතිරුන සමාගම් ජාලයක් විසින් කෙරෙන ජනමනස මෙහෙයවීමක්. කොමියුනිස්ට් පරමාදර්ශවල බිඳවැටීම, රටට ඇති ආදරය ප‍්‍රකාශ කරමින් එම රටවල බලයට පත් නායකයන් අවසාන වශයෙන් විනාශකාරී අයබවට පත්වීම, පච්චා කෙටීම හා සිරුර සිදුරු කිරීම වැනි විලාසිතා වර්තමාන තරුණයන් අතර ජනප‍්‍රිය වීම, විවිධ ජීවන විලාසයන්ටත් විවිධ ජනවර්ගවලටත් ගරු කිරීමට අද දවසේ කෙරෙන අවධාරණය කිරීම්, මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස් වෙනස් සමාජ සන්දර්භ තේරුම් ගැනෙන වෙනස් ආකාරය වැනි පුළුල් පරාසයක විහිදෙන මාතෘකා ගණනාවක් මේ පොත සාකච්ජාවට ලක් කරන්නේ එවා ආදරයේ සහ වෛරයේ ස්වරූප ලෙස සැලකිල්ලට ගැනීමෙනුයි.
මෙලෙස පශ්චාත් නූතන ලෝකයේ ආදරයේ සහ වෛරයේ ස්වරූප පිළිබඳව පසු භාගයේ දී සාකව්ජා කරන මේ පොත ආරම්භවන්නේ නූතන ලෝකයේ ආදරය පිළිබඳ සංවාදයකිනුයි. මේ එහිදී සාකච්ජාවට ගැනෙන ප‍්‍රශ්න කිහිපයක්.
දැඩි ලෙස ආදරයෙන් පසු වන විට අපි අපේ ආදරයට ලක්වන කෙනා සමඟ එක් වීම නිරතුරුව මඟ හරින්නේ ඇයි?
අපි හැමවිටම ලබා ගත නොහැකි වූ ආදරයක් පිලිබඳවම දුක් වෙමින් පසු වන්නේ ඇයි?
අපි බොහෝ විට අපි ආදරය කරන දේ විනාශ කරන්නේ ඇයි?
මෙවන් කාරණා ගණනාවක් පිළිබඳ සාකච්ජාව මේ පොත අරඹන්නේ දේශපාලන ලෝකයේ සිදුවීම්, වර්තමාන දාර්ශනික සංවාද මෙන්ම ජනප‍්‍රිය චිත‍්‍රපට, නවකතා, කෙටිකතා සහ පුරාණෝකිතිද ඇසුරු කර ගනිමිනුයි.

ආදරයේ සහ වෛරයේ ස්වරූප
Sinhala translation of (per)versions of love & hate by Renata Salecl
පරිවර්තනය – නිශාන්ත කුලරත්න
සංහිඳ ප‍්‍රකාශනයක්

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s